IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොම්පවල දෝෂයකින් නෞකාවේ තෙල් ඉවත් කිරීම නවතී

(ඩී.ජී.සුගතපාල)

රූමස්සල කන්දේ ගල් පරයක හැපී අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරිමේ කටයුතු පොම්පවල සිදුවු දෝෂයක් හේතුවෙන් අද (21) තාවකාලිකව නතර කිරීමට සිදුවු බව නැව් සමාගමේ නියෝජිතයෙක් පැවසීය.

ඉන්දියානු සමාගමකට අයත් ශ්‍රී ලංකා ග්ලෝරි නමැති මෙම නෞකාව ගාල්ල සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙනන ලද එකක් වන අතර එය ආපසු ඉන්දියාවට යාම සඳහා පිටත වරායේ නවතා තිබියදී සුළඟට ගසාගෙන ගොස් ඇත.

නැව මෙසේ හිරවීමත් සමඟ සමුද්‍රිය පරිසර දුෂණ වැළැක්වීමේ අධිකාරිය පැවසුවේ නැවේ තෙල් විසිරීමක් සිදු වුවහොත් රූමස්සල කොරල් පද්ධතියට මෙන්ම විශාල පරිසර දූෂණයක් සිදුවීමට ඉඩ ඇති නිසා තෙල් ඉවත් කළ යුතු බවයි.

එම සමාගමේ නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේ නැව රක්ෂණය කර ඇති සමාගමේ උපදෙස් පරිදි නැව් බේරා ගැනීම පිළිබඳ විශේෂඥ සමාගමක කණ්ඩායමක් අද පැමිණිමට නියමිතව තිබිණි.

නැව ඇද ගැනීමට පුළුවන් ද එසේ නොහැකි නම් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව එම විශේෂඥවරුන් පැවසීමෙන් පසු ඒ අනුව කටයුතු කරන බවද එම නිලධාරියා කීය.



අදහස් (1)

පොම්පවල දෝෂයකින් නෞකාවේ තෙල් ඉවත් කිරීම නවතී

ravi Sunday, 21 July 2019 11:39 AM

මේ වගේ තැනකදී .සැලසුම් අ ක්‍රියාත්මක නොවෙනකොට . ප්ලැන් බි කියල දෙයක් තියෙන්න ඕනේ නේද ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 318 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site