
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (23) පැවසූහ.
ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් යොමුකළ ලිපියට පිළිතුරක් ලෙස පාප්වහන්සේ මෙම ලිපිය එවා ඇත.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය" සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර තමයි
අති උතුම්, කාදිනල්තුමනි, වින්දිතයින් වෙනුවෙන් ඔබ නොනවත්වා කරන අරගලය රජය සමඟ විශාල බරක් දරයි. හොඳ ප්‍රතිඵලයක් සඳහා අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු!
පලමුවෙන්ම මේ රටේ පාස්කු පරික්ෂනය අඩාල කරන රජයේ දේශපාලුවන්ට සහ නිලදාරින්ටත් පසු ගිය රජයේ තක්කඩි හොර රැලටත් සංචාරක සම්බාදක පනවන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න.
පාප් වහන්සේට වගේම අපේ කාදිනල්තුමාටත් වෙන්නේ දෙවියන්ට කියන්න තමා.
ඔන්න මෙදාපාර නම් ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනා බවයි පෙනී යන්නේ .. මේ රටේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා පීඩාවට පත්වූ අයට නිසි අයුරින් සාධාරණය ඉෂ්ඨ කිරීම සිදුවුණේ නැහැ කිව්වොත් එය නිවැරදියි. පක්ෂ විපක්ෂ කවුරුන් වුවද, කුමන ජාතියක ආගමක අය වුවද, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සැමට නිසි දඬුවම් හිමිවිය යුතුමයි. ඒ දෙය මේ රටේදී සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර අධිකරණයේ දී හෝ සිදුවිය යුතුමයි. එසේ වුවහොත් මේ රට තවත් සුභදායී යුගයක් කරා පියමනිනු ඇත. ඒ මන්ද යත්, දේශපාලකයන්ගේ වත්කම් රැස්කරගත් ආකාරය, හොර වංචා, පැන්ඩෝරා පේපර්ස් ආදිය ගැන ජනතාව විදෙස් නීතිය හා සම්බන්ධ වෙනු ඇත. එවක් පටන් රටෙන් හොරා කෑ මුදල් හා දේපල ජනතාව සතුවෙනු ඇත. සත්‍ය හෙළිවී පිරිසිඳු දේශපාලනඥයන් මතු දිනෙක බිහිවනු ඇත. විය යුත්තේ එයයි.
පාප්තුමා මෙහෙ ආවත් යන්නේ වෙඩි නොවදින කූඩුවක. එ්කයි යතාර්ථය...
වැඩක් නැහැ ස්වාමීනි, මේක කාලකණ්ණින් රට පාලනය කරන කාලයක්...
බැලූ බැල්මට මෙහි ඇත්තේ මෛත්‍රීපාල විරෝධයකි. සාමාන්‍යයෙන් මෙවැනි මෛ.්‍රීපාල විරෝධයක් ඇත්තේ අතට ගත් දෙය කටට දමාගැනීමට නොහැකි වූ කොල පාට පක්ෂයටය. ඒ් අයගේ බලපෑමක් මෙහි තිබිය හැක. ඒවකට ඒම ප්‍රදේශයේම සිටි පාලක පක්ෂයේ දේශපාලඥයන්වත් මේ සම්බන්ධයෙන් ඒකල සත්‍යය සේවීම සඳහා දැඩි උනන්දුවක් නොදැක්වූ බවත්, ඒවැනි දැඩි උනන්දුවක් නොදැක්වූවන්ට පවා ඒම ප්‍රදේශයේම ජනතාව ඡන්දය දී නැවත පත් කරගෙන ඇත්තේ ඇයිද යන්න පිළිබදවත් කල්පනා කල යුතුය.