(සනත් ගමගේ)
නීතිවිරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගත් හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ පුද්ගලයෙක් අද (14) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය කියයි.
ගල් මෝලක් පවත්වාගෙන යනු ලබන මෙම පුද්ගලයා සිය බලපත්‍ර වලට අදාළ බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇමෝනියම් කිලෝ 100 ක්, සේවා නූල් මීටර් 100 කැබලි 50 ක්,කලු කුඩු කිලෝ එකක්, වෝටර් ජෙල් කරල් 174 ක්, ඩෙටනේටර් 260 ක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd