(අනීෂා මානගේ)
නීති විරෝධී හා අනාරක්ෂිත අන්දමින් නිවසක ගබඩා කර තිබූ ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්‍රේට් සහ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
හම්බන්තොට පොලිස් වසමේ පහළ අන්දරවැව ප්‍රදේශයේ නිවසක මෙලෙස අනාරක්ෂිත අන්දමින් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබිණි.
විදුලියෙන් ක්‍රියාකරන ඩෙටනේටර් නවසිය විස්සක් (920), පෙට්ටි හයක ගබඩා කර තිබූ ඩයිනා කරල් එක්දහස් දෙසීයකට අධික ප්‍රමාණයක් සහ ඇමෝනියම් නයිට්‍රේටි කිලෝග්‍රෑම් 25 බැගින් වූ උර පනහකට අධික ප්‍රමාණයක් නිවස තුළ ගබඩා කර තිබියදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරිහු සොයාගත්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ගිනි ගෙඩිය කාගේ පිටින් යයිද? යවයිද ? අපි බලන් ඉන්නවා .
මෙන්න තවත් ගැටයක් .
ඉන්දියාවේ නිෂ්පාදිත බඩු ෂුවර් එකටම රෝ තමයි............
ඝාතන නාට්‍ය යේ තවත් කොටසක්ද ????