(එෆ්. අස්ලම්)
පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය ඉන්දියාවේ සාකච්ඡාවක් සඳහා කැඳවාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සිදුකර ඇතැයි උතුරේ ආරංචිමාර්ග සඳහන් කරයි.
2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාර්ශවයක් ලෙසින් මොවුන් ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාවද මෙය වන අතර මෙම හමුව ලබන ජූලි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ නායකයා සහ ලේකම් යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දී ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් බලචන්ද්‍රන් මහතා හමුවී උතුරේ අර්බුදය වෙනුවෙන් තම පක්ෂයේ යෝජනා සහ ස්ථාවරයන් පිළිබඳව කරුණු දක්වා තිබිණි.
එහිදී ඉන්දීය රජයේ බලධාරීන් හමුවී පක්ෂයේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන බවට නියෝජ්‍ය කොමසාරිස්වරයා පොරොන්දු වී ඇත්තේ සටන්කරුවන්ගේ පක්ෂයේ ඉල්ලීම මතය.
ඒ අනුව මෙම පක්ෂයේ හයදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ලබන ජූලි මාසයේදී ඉන්දියාවට කැඳවීමට අවශ්‍ය පියවරද ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී සඳහන් කර සිටියේ එවන් සාකච්ඡාවක් සඳහා ඉන්දියාව බලායාමට සූදානමින් සිටින බවය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අර්බුද සම්බන්ධයෙන් කෑමොර දෙන දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන පක්ෂ රැසක් සිටියදී ප්‍රජාතන්ත්‍රවාදී අරමුණක් වෙනුවෙන් ලේ හැලූ පාර්ශවකරුවන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයට මෙම අවස්ථාව සලසා දීම ගැන සතුටු වන බවද ඒ මහතා කියා සිටියේය.
මීට දෙසතිකට පෙර දෙමළ ජනතාවගේ සැබෑ තත්වය ඔවුන් මුහුණ පා ඇති ගැටලු සහ තම පක්ෂයේ ස්ථාවරය හා කැපවීම ගැන ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරයා සමඟ සඳහන් කළ බවත් ඒ අනුව ඉන්දීය බලධාරීන් හමුවීමට අවස්ථාවක් සලසා දී තිබෙන බවත් කීය.
එමෙන්ම දීර්ඝ කාලීනව නොවිසඳුණු උතුරේ ජාතික ගැටළුවට මෙරට බහුතර සිංහල ජනතාව ඇතුළු සියලු ජාතීන් අනුමත කරන එක්සත් ලංකාවක් තුළ වූ දේශපාලන විසඳුමක් ගෙන ඒම සිය පක්ෂයේ ස්ථාවරය බවද තුලසි මහතා සඳහන් කර සිටියේය.

COMMENTS
නැවත මොවුන් තම ආයුධ උඩම වාඩි නොවේ යැයි සිතමු. එසේ වුව හොත් රටටත් ඔවුන්ටත් හානිකරය
ගිහින් බැලුවොත් තම හොඳ
'ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය' මෙවැනි පක්‍ෂයක නමක්වත් රටේ මහජන කැළඹීමකට ලක් නොවන අයුරින් මේ රටේ ස්ථාපනය කරන්න බැරිනම් පක්‍ෂ ලියාපදිංචි කිරීමේ අයගේ තනතුරු වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? රටේ අන්තවාදය සහ පැවති කොටි ත්‍රස්තවාදීන්ගේ ඊලාම් සිහිනය ගැන කියවෙන පක්‍ෂ තවමත් යහතින් මේ රටේ පැවතීම මොන තරම් බරපතල කාරණාද. මේ පුංචි රට මේ රටේ පවතින දේශපාලනය ක්‍රමයත් එක්ක කිසිසේත්ම ගොඩ ගැනීමට නොහැක.
රජය මේ ගොල්ලෝ ගැනත් ඇස් ඇරගෙන බලන් ඉන්න ඕනේ... පුනරුත්ථාපනය වුණාට කැලේ මාරු වුණාට පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. අනිත් එක ඉන්දියාවට මොකද්ද මේකේ ඇති වැඩේ? ඉන්දියාව කොහොමත් කොටින්ට උදව් කරානේ.. අපේ රටට එරෙහිව ... සුපරීක්ෂාවෙන් බලන් ඉන්න ඕනේ... කවුරු කොයි වෙලේ වෙනස් වේවිද කියලා කාටවත් කියන්න බැහැ. මොකද ඉන්දියාව අපට ආදරේට නෙවෙයිනේ සමහර දේවල් කරන්නේ... අපේ දේවල් බලාපොරොත්තුවෙන් ඒවා නොලැබුණාම මේ ගොල්ලන්ව පාවිච්චි කරන්නත් පුළුවන්...
තමන්ට අරමුණක් නොමැතිව කලක නොදන්නාකමට හෝ බලපෑම හෝ දරිද්‍රතාව නිසාවෙන් පෙළඹවීම මත නොදන්නාකමට මේ යටගියාවේ සිදුවූ යුදමය වාතාවරණයට හා ත්‍රස්තවාදී වාතාවරණයට ඔබ සියලු දෙනා හසුවූවා වෙන්න පිළිවන්... එහෙත් ඔබලා ලැබූ පුරුත්ථාපන මග ඔස්සේ දැන් ඔබ සැම සිදුවූ සියල්ල හොඳින් වටහාගන ජන ජීවිතය පැවතිය යුත්තේ මොන ආකාරයටද හා ජන ජීවිතය යනු යුද මානසිකත්වය නොවන බව හොඳින් අවබෝධ කර ගන්න ඇතැයි සිතමි. නමුත් පිරිසිදු මනසක් ඇති ජනකොට්ඨාශයක් සැමවිට සිතිය යුත්තේ ගැටුම් හා සටන්කාරී බව නොව සැහැල්ලු මනසකින් යුතු සාමකාමී ජන ජීවිතයක් හා පරිපාලන ව්‍යුහයකි. ඒ නිසා සියලු දමිල ජනයාට නිදහස්ව නිවහල්ව තම ජීවන ගමන යාමට උරදිය හැකි ලෙස තමන් නියෝජනය කරන නව දේශපාලන ගමන් මඟ සඳහා "ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය" වෙනුවට "ප්‍රජාතන්ත්‍රවාදී ජනශක්ති පක්ෂය" ලෙස වෙනස් කර සියලු ජනතාවට ඔබලාගේ අඳුරු අතීත මතකය යලිඳු උලුප්පා නොපෙන්වන ලෙසද වෙනත් රටවලින් විෂබීජ මෙරටට නොගෙන එන ලෙසද කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබට ශ්‍රී ලාංකීය දරුවන්ගේ උරුමය කිසිවිටක අහිමි නොවනු ඇත. තවද දරුණු යුද වාතාවරණයකින් පසු මෙවන් සැනසීමක් ලොවේ කිසිම හමුදාවකින් නොලැබෙන්නේය.
අනේ මහත්තයෝ තවත් සහරාන්ලා, ප්‍රභාකරන්ලා නම් එපා...
මේ වැඩේට පුනරුත්ථාපනය වෙච්ච අය ඕනෙමද? කාලයක් ගියාට පස්සේ තේරෙන්නේ මොකද උනේ කියලා.
ඕකට නම් ඉඩ දෙන්න එපා. අමාරුවෙන් හරි පාරට ගත්තා විතරයි. අායෙත් හදන්නේ ඔලුවට විෂදාන්න. ඉන්දියන් කාරයන් තමයි එදා කොටි පෝෂණය කරලා අපිට මල වදයක් කළේ...