(යොහාන් භාසුර)
මහා පාරිමාණ පුණර්ජනනීය බලාගාර බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැඳවන බව සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මහා පරිමාණ සූර්ය, සුළං, ජලාශ මත ඉදිකරන පාවෙන සූර්ය බලාගාර සහ නොගැබුරු මුහුදු තීරයේ ඉදිකරන සුළං බලාගාර ඇතු`ඵ මෙගාවොට් 50 හෝ ඊට වඩා වැඩි සියලු පුනර්ජනනීය බලාගාර මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබූ අතර ඒ අනුව මෙසේ යෝජනා කැඳවීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා අයැදුම් කිරීමට ආයෝජකයන් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යය වේ.
යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අඅඅගැබැරටහගටදඩගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙම යෝජනා සබදෙ?ැබැරටහගටදඩගකන යන විද්‍යුත් ලිපිනයට හෝ ‘ලේකම් සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට හෝ ලබන නොවැම්බර් මස 1 වැනිදාට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන් කැඳවයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.