
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු ආදිය මේ වනවිට ලොවට අනාවරණය වීම ආරම්භ වී ඇත. මෙම අනාවරණය නම් කර ඇත්තේ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි.
මෙම අනාවරණය සිදු කර ඇත්තේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. වසර 7 ක් තිස්සේ රැස් කර ගත් ලිපි ලේඛන ආදිය පාදක කර ගනිමින් මෙම අනාවරණය සිදු කර තිබේ.
ගවේෂණාත්මක මධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් සහ ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් මෙම අනාවරණයට සම්බන්ධ වී සිටී. ගෝලීය මූල්‍යායතන 14කින් ලබාගත් ලිපිලේඛන මිලියන 11.9ක් පදනම් කරගෙන පැන්ඩෝරා පෙපර්ස් සකස් කර තිබෙන බව ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්', මහා බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' ආදී මාධ්‍ය වාර්තා කර තිබේ. 'වොෂින්ටන් පෝස්ට්' සහ 'ගාඩියන්' ද විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමඟ එක් වී මෙම ආනවරණය සිදු කිරීමට සහාය ලබා දී ඇත.
හිටපු රාජ්‍ය නායකයන් 35 දෙනකු පමණක් නොව, රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි පිරිසකගේ රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු අනාවරණය වී ඇත. එපමණක් නොව, අතිශය ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනකුගේ නම් ද 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකන් සහ දේශපාලඥයන්ගේ රහසිගත වත්කම් සහ අයථා මුදල් ගනුදෙනු පිළිබඳ 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර තිබේ.
පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණ කෙරුණු ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ නමය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කර ඇතැයි පැවැසෙයි.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳ විස්තර ද පැන්ඩෝරා පේපර්ස් අනාවරණය කර ඇත. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් ද විස්තර ද 'පැන්ඩෝරා පේපර්ස්' හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ පිළිබඳව ද ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇත.
(බීබීසී)
COMMENTS
අපේ අයත් ගෑවිලා ඇති..
අපේ තක්කඩි රෑනගේත් නැතිවෙන්නම බැහැ...
ලංකාවේ ඉහළම පවුලේ කෙනෙක්ගේ නමත් තිබ්බේ.., ඒකත් දාන්න.
වෙන රටවල එහෙම වුනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...
අපේ කට්ටියත් අත ඇරලා නැහැ මෙහෙ කෙනෙකුගෙත් නම තියනවා ඔයාල දැක්කේ විදේශිකයන්ගේ නම් විතරද? හොඳට බලන්න
තව තව නම් තියෙනවා නේද?
අපිට ආඩම්බරයි අපේ රටේ නෝනෙකුත් ලැයිස්තුවේ ඉන්නා එක පිළිබඳව.
ඒ කවුද කියලා දැනගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ නැත්ද?
අපේ කට්ටිය ගැන නැද්ද සඳහනක්…?
කෝ අපේ එක්කෙනාගේ නම?
නිකමට අහන්නේ ලංකාවේ කවුරුවත් නැද්ද? මේ ඩොලර් නැති වෙලාවේ කීයක් හරි ඉල්ලගන්න.
අපේ දේශපාලන අංශ වලටත්,මේ පැන්ඩෝරා පේපර්ස් සුළඟ ඉදිරිකාලයේ හමාවි යැයි සිතෙනවා. සමහරුන්ගේ දැනටමත් ඉහමොළ රත්වෙලා ඇති.පැන්ඩෝරා පේපර්ස් සුළඟ හමා එනු මැනවි.
අපිට නම් වැදගත් වෙන්නේ මේකේ තිබ්බ නිරූපමා රාජපක්ෂගේ ගනුදෙණු ගැන විස්තරනේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න..
අපේ අලුත් මුදල් ඇමැතිතුමාට මොනවත් කියන්න එපා හරිද?
නිරූපමා රාජපක්ෂ කියලා කෙනෙක් ඉන්නවා කියලා අපි නම් දැක්කේ නෑ...
දේශපාලඥයෙකුගේ නෑදෑයෙක් වෙන්න ඕනේ නැහැ පිටරටක බැංකුවක ගිණුමක් ඇර ගන්න. ඒ ගොල්ලෝ තැන්පත් කලේ පිටරටින් ඒ ගොල්ලෝ උපයපු මුදල්