
(සුජිත් හේවාජුලිගේ )
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු මෙරට ඇතැම් පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ගිං නිල්වලා ව්‍යාපෘතියෙනුත් මේ රටේ ඇතැම් පුද්ගලයන්ගේ ගිණුම් වලට මුදල් ගිය බව පැවසෙන බවත් මේ ප්‍රශ්නය ගැන ඔහේ කතා කරගෙන ඉන්නවට වඩා ඒ පිළිබඳව මැතිසබයේ පුළුල් සාකච්ඡාවක් ඇති වීම වැදගත් බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
"අපි මේ ගැන සාකච්ඡා කරලා යෝජනා අදහස් ගේමු" යයිද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
මේ වැඩේ හරි කම්මැලියි... කිසිම කික් එකක් නැහැ.. ඒ නිසා මේකට මාව සභාපති විදිහටත්, ඇලෝසියස්ව උපසභාපති විදිහටත් පත් කරන්න.
පැන්ඩෝරා කෙහෙල් මලක් නෙමෙයි, රටේ බඩුමිල අඩුකරන්න, පොහොර ප්‍රශ්නය විසඳන්න, ගුරු ප්‍රශ්නය විසඳන්න, ඒ සඳහා කමිටුවක් පත්කරන්න ඕනෑ....