(කාංචන කුමාර ආරියදාස)
කොරෝනා සිද්ධියෙන් පසු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘතවූ සීගිරිය නැරඹීමට පොහෝදා (04) 7,000 කට අධික දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
කොරෝනා ව්‍යාප්තිය සමඟ මාස තුනක කාලයක් සීගිරිය වසා දමා තිබිණි.
පසුගිය පළමුවැනිදා නැවත සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබිණි.
ඒ අනුව ඇසළ පුන් පොහෝ දිනයේ පමණක් දේශීය සංචාරකයන් හත් දහසකට අධික පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණි බවද මෑත කාලයේ සිගිරි නැරඹිම සදහා පැමිණි විශාල පිරිස මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතා පැවසිය .
පැමිණි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව සීගිරි පව්වට ගොඩ කරවීම ශරීර උෂ්ණත්ව පරික්ෂා කිරීම මෙන්ම එම පිරිසට අවශ්‍ය පහසුකම් සපයාදීම ද සිදුකල බවද ඒ මහතා පැවසිය .
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් තමන්ගේ මෙන්ම රටේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් ව ගමන් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.




COMMENTS
කෝ මීටරයේ පරතරය..?
සීගිරි පර්වතය කියන්නේ එසේ මෙසේ එකක් නොවේ.. සීගිරිය කියන්නේ ලෝක පුදුම එකක්... පෙර රජදවස අපගේ කලාශිල්ප මොන මට්ටමක තිබුණා දැයි සීගිරිය දෙස නුවණින් සිතා බැලීමේදී වටහා ගැනීමට පුළුවන්.. සීගිරි ලලනා චිත්‍ර, කැටපත් පවුරේ ලියා ඇති කවි, ආදිය නිසා අපගේ පැරැන්නන් මොනතරම් රසවින්දනයක් තිබූ සංවේදී ප්‍රඥාවන්තයින් දැයි, කලාකරුවන් දැයි සිතෙනා විට සිතට දැනෙන්නේ මහා විශ්මයක්.. අද ඒ අතින් බලන විට ඇතිවී තිබෙන්නේ කණගාටුදායක තත්වයක්.. මේ තීරයේ පවතින දේශපාලන අවුල් වියවුල් හා ගැටුම් එයට එක් සාක්ෂියක් පමණයි. සීගිරිය ගැන විදේශිකයන් පුදුමයට පත්වන දෙයක් තමයි සීගිරි ගල මුදුනටම ජලය ගෙනයෑමට අපගේ පෙර සිටි වාරි ඉංජිනේරුවන් සමත් වී සිටීම.. මෙවන් ඉතිහාසයකට උරුමකම් කියන අප අපගේ වර්තමාන තත්ත්වය ගැන සැබවින්ම ලැජ්ජාවට පත්විය යුතුයි නේද? මේවා ගැන සිතා බලා අපගේ දරුවන් ඉගෙන ගත යුතුයි. අන් ජාතීන්ට වඩා ඉහළින් සිටීමට නිතරම බුද්ධිය වඩවා ගත යුතුයි. අතීතයේ අපට තිබූ අභිමානය ඉදිරි පරම්පරාවන්ටත් උරුම කිරීමට අපගේ දරුවන් අදිටන් කරගත යුතුයි.
පෝදා, මෙහි සිරි නැරඹීමට පැමිණි මේ දේශීය ජන ගංගාව, එහි පවත්නා ස්වාභාවික පරිසරයට හානියක් නොකර සිරි නරඹන්නට සිතට ගත්තාදැයි සැකයකි. ලෝක උරුමයක් වූ මේ විශ්මිත නිර්මාණයේ අසිරිය සිත් සේ විඳ තම මන දොළ පුරවාගන්නේ, දේශීය අයට වඩා විදේශික රසවතුන් බව, ඔවුන් අප හා කරණ කථා බස් වලින් මොනවට පැහැදිලි වෙයි. පුරා සඳ බැබළෙන පුන් පොහොය දිනවල, සිංහගිරියේ, ඉහළම පිහිටි ඒ මනරම් ස්ථානයේ සිට අවට සිරි නැරඹූ ඒ ප්‍රතාපවත් කාශ්‍යප නම් වූ රජතුමාගේ සිතට මොන තරම් නම් පහන් සිතුවිළි පැන නඟින්නට ඇතිද..? ඒ අතිශය රමණීය පරිසරයේ සිරි විඳ අපටත්, ලෝවැසි සියලුදෙනාටත්, අදටත්, හෙටටත්, අනාගතයටත්, ඉතිරි කර නික්ම ගිය ඒ අසිරිමත් නිරිඳානන්ට අප සැම ණයගැති නොවන්නෝද.? අද මෙන් දියුණු තාක්‍ෂණ ශිල්පයක් නොතිබූ එකල, පරිසරයේ පිහිටීම අනුව නිර්මාණය කළ, නිර්මාණශීලිත්වයෙන් පරිපූර්ණ වූ, කලාකාමී හදවත් වලට නැඟුණු අදහස් අනුව සැකසූ මේ විශ්මිත නිර්මාණය ලොව 8 වැනි පුදුමය නොවන්නේද.? මට හැබැහින් මෙහි සිරි විඳීමට යන්නට නොහැකි වුවත්, මගේ ළබැඳි "ඔහුත්" සමඟ සිතින් එහි ගොස් රිසි සේ එහි සිරි නරඹමි... එන්න ඔබත් අප සමඟ...
5 වෙනි සියවසේ පමණ කාශ්‍යප රජතුමා විසින් සාදන ලදැයි කියන සීගිරිය.. තවමත් ඉතිහාසයේ රහස් රැසක් අපගෙන් සඟවාගෙන ඇති බව විද්වතුන් පවසනවා. සිගිරිය පර්වතය තුළ මාලිගයක් ඇතිබව දැනට සොයාගෙන නැතත්, රාවණා පිළිබඳ ඉතිහාසය සොයායන සූරිය ගුණසේකර මහතා.. වැනි විද්වතුන් විශ්වාස කරන්නේ සීගිරිය පව්ව තුළ මාලිගයක් ඇති බවත් එය රාවණාගේ මාලිගයක් බවත්ය. සීගිරියේ සිංහපාදය ගැණත් මත කිහිපයක් තියෙනවා. සමහර අය සිතන්නේ ඒ ගුරුලෙකුගේ පාදයක් කියයි. තවත් සමහරු චෝදනාකරනවා අපේ රටේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.බී. බෙල් මහතාට... සීගිරියේ පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙනගියා කියලා. තවත් බරපතල චෝදනාවක් තියෙනවා ඔහුට. සිංහ පාදයට මඳක් ඉහලින් තිබුනේ යයි සැකකරන ගුහාවකට යන මග සිමෙන්ති දමා වසා දැමීමට නියම කළා කියලා. ඒ කියන ස්ථානය සැකයට තුඩුදෙන්නක්. මන්ද ඊට ඉහලින්" කටාරම් " කොටා ඇති නිසා අපිට සිතන්නට සිදුවෙනවා ගුහාවක් නැතිනම් මොනවටද මෙතන කටාරම් කොටලා තියෙන්නේ කියලා.. මොන මතිමතාන්තර තිබුණත්.. සීගිරි අප්සරාවන් කොතරම් සුන්දරද, එ්ත් ඒගොල්ලෝ ඇත්තටම කාගේ කවුරුන්ද..? මල් වට්ටියක් අරගෙන ඒ ගොල්ලෝ යන්නේ කොහෙද..? ප්‍රශ්න අවසන් නැහැ.
මේ සමඟම නුවරඑළිය එළිය කරන මල් වත්තක දර්ශනයක්වත් බලන්න මගේ දෑස් පිං කරලා නැති සැටියක්... මේ දුක කාට කියන්නද මම...?