






(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථානයට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතෙකු හා අලියෙකු පැමිණ එහි බෝධි ප්‍රාකාරයට, බෝධීන් වහන්සේට, විහාරස්ථානයේ ඇති මල්ගස් රැසකට අලාභ හානි කර ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.
විහාරස්ථානයේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙම ඇතා සහ අලියා සිදුකරන විනාසයන් සටහන්ව ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
පසුගිය දින කීපයේම දිගින් දිගටම සීගිරිය ප්‍රදේශයේ වන අලින්ගෙන් විශාල වශයෙන් හානි සිදුවන බව විහාරාධිපති හිමියෝ පෙන්වා දෙන අතර විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙම වන අලින් පිළිබඳව සොයා බලා කටයුතු කරන්නැයි වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වන අලි ‘‘ජමා ඉස්ලාමීය‘‘ එකේ සාමාජිකයින් වෙන්න පුළුවන්.
අලියා මරමු හාමුදුරුවනේ... මේක පන්සල් භුමියක්නේ, කැලෑවක්යැ...