(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ගිලීමලේ බටේවෙල පදිංචි පුද්ගලයකු ඝාතනය කර බටේවෙල කඵවරකැලේ රහසිගතව වළදැමූ සිදුවීමක් සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු විසින් නීතීඥවරුන් පස්දෙනෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවීමෙන් පසුව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂීණි පෙරේරා මහත්මිය විසින් මැයි 20 දින දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළාය.
මෙසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ රත්නපුර ප‍්‍රදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකි.
මෙම ඝාතන සිදුවීම සම්බන්ධ නඩුව අධිකරණයේ කැඳවූ අවසථාවේදී මෙම සැකකරු මෙසේ නීතීඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් අධිකරණයට භාරව තිබුණි.
මෙම සැකකරුවන් විසින් ඝාතනය කලේ යයි කියන පුද්ගලයා වූයේ බටේවෙල පදිංචිව සිටි කේ.ජී. රුවන් කුමාර නම් අයෙකුය.
එකල මෙම ඝාතනයට පත් පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මේ පිලිබඳ පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර මේ පිළිබඳ සැකකරුවන් 12ත් අත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, මේ දක්වාම එම සැකකරුවන්ද රිමාන්ඞ් භාරයේ පසුවෙයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘතශරීරයේ කොටස් ප‍්‍රදේශයේ වළදමා තිබියදී එකල(2018) පොලිසිය කළ පරීක්‍ෂණ මගින් සොයාගෙන තිබිණ.
මෙම නඩුව මැයි 20 දින තෙක් කල් තැබූ මහේස්ත‍්‍රාත්වරිය මෙදින අධිකරණයට භාරවීමෙන් පසුව රිමාන්ඞ් භාරයට පත්කළ සැකකාර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටත් පොලිසියට නියම කලේය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.