පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම තීරණයට එරෙහිව පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණද එය අනිවාර්යයෙන් සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් මෙන්ම සේවාවක් වන බවත් පෞද්ගලික රෝහල් ගෙන යන අක්‍රමිකතා මුළුමනින්ම නතර කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතුව ඇතැයිද කීවේය.
වර්තමානයේ රජයේ රෝහල් සමග පෞද්ගලික රෝහල් තරඟ කරන බවත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට සියළු පහසුකම් රජයේ රෝහල්හි ඇති බවත් ආමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඒ වෙනුවෙන් සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන අයුරින් ඔසුසල බැගින් ඇරැඹිමට උපදෙස් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රටතුළ ඇති කරීමට සැමවිටම ක්‍රියා කරන බවද සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ශාඛා 39 ක් ක්‍රියාත්මක වන අතර, නියෝජිත ඔසුසල 48 ක් ද, වරලත් ඔසුසල 103 ක් ද, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.
(36698)
COMMENTS
අනිවාර්යයෙන්ම පෞද්ගලික රෝහල් නියාමනය කළ යුතුයි. ඒ සඳහා සෞඛය ඇමැතිවරයාට සෞඛය පනත අනුව බලතල ඇතත් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ පෞද්ගලික රොහල් නියාමනය කිරීම සඳහා අධිකාරියක් හෝ කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමයි. එය වඩාත් ඵලදායී හා උචිත ක්‍රියාමාර්ගයක් වනු ඇත.
ඕවා රෝහල් නොවේ, ඉස්පිරිතාල කළුකඩ කියලයි අපි නම් කියන්නේ. විශේෂයෙන්ම කොළඹින් පිටපලාත්වල තියන මේ ඉස්පිරිතාල කළුකඩවල තියන සෞඛ්‍ය ප්‍රමිතියේ තරම කොහොමද දැනගන්න පුළුවන් වෙයි. අහිංසක රෝගීන්ගෙන් ගසාකන දොස්තර මුදලාලිලා මේවලින් ගසාකන මුදල් කරගහගෙන යන්නේ නාට්ටාමිලා මුට්ට කරගහගෙන යනවා වගෙයි. රජයේ රෝහල් වලට ලැබෙන ඖෂධ බොහෝ වෙලාවට නතර වෙන්නේ මේ කළුකඩ වල බව සෞඛ්‍ය ඇමති තුමා දන්නවද දන්නේ නැහැ?
ලංකාවේ තිබෙන අසාධාරණ හා රෝගීන් සූරා කන ව්‍යාපාරය.
ඔයා මහජන මුදලින් ප්‍රතිකාර කල සිංගපුරු ඇලිසබත් රෝහලත් මේ නීතිය වලංගුද?
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මහපාරේ හු කියමින් ගිය රැල, පෞද්ගලික රෝහල් මාෆියාව හා සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ගැන නැට්ට බඩ යට ගහගෙන සිටීමේ ප්‍රතිපත්තියක් වගෙයි අනුගමනය කරන්නේ?
ඔබතුමා කෙසේ හෝ මෙය ඉටුකරන්න. පෞද්ගලික රෝහල් වලින් දෙන බිලට දොස්තර මහතාට ගෙවපු මුදල දොස්තර ගේ නමත් සදහන් කරන්න ,එතකොට රජයට බදු අයකරගන්න පුළුවන්.