(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ වන විට පුද්ගලයින් තිදෙනකු ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් නිලධාරියා කීය.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලට අමතරව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ද විමර්ශන පැවැත්වීමට යොදා ඇතැයි එම නිලධාරියා කීය.
එම රෝහල් පරිශ්‍රයේ පලවන මහලෙහි වැසිකිළියට ගිය පුද්ගලයකු මෙම බෝම්බය මුලින්ම දැක ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාට කළ දැනුම් දීමකින් පසු ඔහු විසින් සුරක්ෂිතව බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කර සේවකයන්ගේ රථ ගාල අසල ආරක්ෂාකාරීව තැබීමට කටයුතු කර තිබිණි.
බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර තිබූ බව පොලිස් නිලධාරියා කීය
මෙවැනි ආකාරයෙන් බෝම්බය පුපුරා යා හැකි වන ආකාරයෙන් සැලසුම් කළ හැක්කේ බෝම්බ පිළිබඳ මනා දැනුමක් තිබෙන තැනැත්තකුට පමණක් බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
බෝම්බය වැසිකිළිය තුළට රැගෙන ආ පුද්ගලයා සොයා ගැනීම සඳහා රෝහලේ සවිකර තිබෙන සි සි ටි වි කැමරා දර්ශන පරීක්ෂා කිරීමට අමතරව බුද්ධි අංශ නිලධාරීන් ද විමර්ශන සිදුකරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
මෙම රෝහලේ ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
428
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞද්ගලික රෝහලේ අත් බෝම්බය ගැන 11කගෙන් ප්‍රකාශ