(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් හෙට(04) දිනයේ සිට ඉන්ධන ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පොරොන්දු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් සංගම් නියෝජිතයන් සමග බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ(03) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසූ බවත් ඔහු කීවේය.
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් ලබා දීමේ වැඩපිලිවලක් ක්‍රියාත්මක නොවුනහොත් හෙට(04) වනවිට බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටීමේ තත්ත්වයක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද(03) ධාවනය වූයේ පන් දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවනවා වෙනුවට බස් රථ පැය 24 තුළම ඉන්ධන පෝලිම් අසල ගාල් කර තැබීමට සිදුවූ බවද හෙතෙම පැවසීය.
COMMENTS
ඉන්ධන නැතිනම් කොහෙන් දෙන්නද? පිරවුම්හල්වලින් දුන්නත් ලංගමෙන් දුන්නත්, තියෙන්න එපෑ දෙන්න... විකාර කතා...!
ඇත්තටම මහාමාර්ගවල මේ දිනවල ගමන් කිරීමේදී නිදහසක් දැනෙන්නේ මේ පෞද්ගලික බස්රථ නොමැති නිසයි. ඇත්තටම මේ තෙල් අර්බුදයත් සමග පෞද්ගලික බස් සේවය ඉවත් කරන්න පුළුවන් නම් අපේ රටේ මහා මාර්ග වල විනයක් හදන්න එච්චරටම අපහසුු වෙන්නේ නෑ...