(ඩයනා උදයංගනී)
පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීමේ සන්නිවේදන උපකරණයක් එම බස්රථවල පසුපස දොරෙහි සවිකිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
බස්රථවල ඉතා කඩිනමින් මෙම උපකරණ සවිකිරීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් එම උපකරණ ගෙන්වා ගැනීම සඳහා ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය මහතා පැවසීය.
මෙම උපකරණය සවිකිරීමෙන් පසු බස්රථවලට මගීන් නංවා ගැනීම සිදුකරන්නේ පසුපස දොරටුවෙන් පමණක් බව කී ගැමුණු විජේරත්න මහතා කිසිසේත්ම ඉදිරිපස දොරටුවෙන් මගීන්ට ඇතුළුවන්නට නොදෙන බව ද සඳහන් කළේය.
මෙය මගී ආරක්‍ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බැවින් මේවායේ මිල ගණන් අනුව ඒවා ගෙන්වාගැනීමේදී රජයෙන් ද අනුග‍්‍රහයක්, සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෞද්ගලික බස්රථවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක්
du Sunday, 28 April 2019 09:54 AM
විශිෂ්ඨ පියවරක්.
torshan Sunday, 28 April 2019 11:17 AM
බස් ගැමුණු හදන්නේ, ගාණක් කඩාගන්න වගේ...
sandy123 Sunday, 28 April 2019 01:01 PM
ඉතාමත් කලාතුරකින් අහන්න ලැබුණු බස් ගැමුණුගේ හොද වැඩක්.