(ඩයනා උදයංගනී)
පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට ද හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී නිවාඩු ලබාදෙන ලෙස එම පාසල් හිමියන්ගෙන් හා පන්ති පවත්වන ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් සම්බන්ධයෙන් දෙමාපියන් තුළ ඇතිවී ඇති කැළඹිලි සහගත තත්ත්වය ගැන සළකා බලා රජයේ පාසල්වල පළමු වාර නිවාඩුව හෙට (13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය කෙරෙහි සංවේදී වන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඉල්ලීමක් කරනු මිස පෞද්ගලික පාසල් හා පෞද්ගලික උපකාරක පන්තිවලට නිවාඩු ලබාදෙන්නැයි නියෝගයක් හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ද ඇමැතිවරයා කීවේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
අකුරු තුනකින් හැඳින්වෙන ජාත්‍යන්තර (නමට) පාසලක් නිවාඩු නොදී පවත්වාගෙන යනවා. මීට පෙර දැඩි සුළි සුළං කාලයකත් මෙසේම වූවා. මේ පාසල් නියාමනය නොකරන්නේ ඒවායේ ඉගෙන ගන්නේ ලංකාවේ දරුදැරියන් නොවේ කියා උපකල්පනය කරලා විය යුතුයි...
ඇයි ඒ පාසල්වල ඉන්නේ ළමයි නෙවේද? ඉල්ලීම් කරන්න නෙවේ. නියෝග කරන්න ඕනේ. ඇයි තීරණ ගන්න බැරි ?