(දසුන් රාජපක්ෂ)
වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන නාඩු සහ සම්බා සහල් හිඟය අවම කිරීම සහ සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් මිලදී ගෙන වෙළඳපොළට මුදාහැරීමට රජය තීරණය කර තිබේ.
කෙටිකාලීන විසඳුමක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමට නියමිත අතර මේ වනවිටත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බවත් කෘෂිකාර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
එමෙන්ම කෘෂිකාර්මික කටයුතු බහුලව සිදුකරන ප්‍රදේශවල රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන සහල් ගබඩා පවත්වාගෙන යෑම සදහා ද අවධානය යොමු වී තිබෙන බවද එළවලු කල් තබාගැනීමට ගොවීන්ට ශීතකරණ ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශක්ති සහල් කරකර හිටියේ ඒක නෙමෙයිද? ආපු ගමන් නවත්තලා ආපහු පටන් ගන්නේ කලින් අය කරපු වැඩේ හොඳ නිසා නෙමෙයිනේ...
අපි වැරදි චිත්‍රයක් මවාගන? රජය විදෙස් රටවලින් සහල් මිලදී ගන්නේ ඒ ඒ රටවල රාජ්‍ය අංශයෙන් නොවෙයිනේ? විවෘත මිලගණන් කැඳවලා සහල් මෙරටින් මිලදී ගන්නවා නම් ඒත් එම දෙයම නේද? කිසි වරදක් නැහැනේ...