IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පුතා සිය පියා ඝාතනය කරයි

(ඩි.ජී.සුගතපාල)
අම්බලන්තොට බැරගම ප්‍රදේශයේදී ඊයේ(11) රාත්‍රි පුතෙකු විසින් මල් පෝච්චියකින් පහරදි තම 65 හැවිරිදි පියා ඝාතනයකර තිබේ.

31 හැවිරිදි සැකකරු බීමත්ව පැමිණ පියා සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර එම අවස්ථාවේ මිදුලේ තිබු සිමෙන්ති මල් පෝච්චියකින් පියාගේ හිසට පහරදී ඇත.

පහරදීමෙන් පසු සැකකරු පලාගොස් ඇත. අම්බලන්තොට පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (15)

පුතා සිය පියා ඝාතනය කරයි

පිටිගල මිලානෝ Saturday, 12 January 2019 05:58 AM

මේ රටේ බණ වැඩියි. කෙනෙක් රහත් වෙලා බණ කියනවා... කෙනෙක් අසපු ගොඩනැගිලි හදාගෙන බණ කියනවා, කට්ටියක් බුදුන් උපන්නේ ලංකාවේ කියාගෙන බණ කියනවා.. නමුත් ඉතුරු ටික කළ හැකි උපරිම පාපකර්ම කරමින් බණත් අහහෙනම ජීවත් වෙනවා. කොතැනක හෝ වරදක් ඇති බව මගේ හැඟීමයි...

:       294       433

නන්දන පනාගොඩ-මිලානෝSaturday, 12 January 2019 07:00 AM

අපිව සසරෙන් එගොඩ කරන්න තුන්සරණේ පිහිට ආරක්ෂාව අපිට ලබාදෙන්න

:       234       40

Raveendra Saturday, 12 January 2019 06:36 AM

පියාණනි මා නැවත උපන්නොත්/// අසාරවූ මේ සංසාරේ /// ඔබේම පුතු වේවා//// මේ සුන්දර හැඟීම්බර ගීතය මෙම පුතුට අහම්බෙන් හෝ ශ්‍රවනය කිරීමට හැකි වේවා!!! මත්ද්‍රව්‍ය ගෙනඒමට, විකිණීමට, ඒ සඳහා නන්අයුරින් උදව් උපකාර කල දායක වූ සෑම කෙනෙකුටම සාප වේවා!!!

:       3       159

ලේක්කෝ ගලබඩ Saturday, 12 January 2019 06:39 AM

පිටිගල අයියේ ඔය බණ, ලෑන්ඩ් කෘසර් වලින් වැඩමවලා කියන බණ, ස්පීකර් කුලිය කියා දහස් ගණන් අය කරලා කියන බණ, පසුපස කෙතරම් මුදල් ආයෝජනයක් ඇත්ද? මෙතනද බණ අසන අපිට වැරදුන තැන?

:       159       33

sandy123 Saturday, 12 January 2019 07:18 AM

මෙයින් අපට නැවත නැවතත් පසක් කර දෙන්නේ කුමක්ද? දියුණුවත් සමගම මිනිස්කම තිරිසන් බවට පත්වීම නොවේද? තමන්ගේ මව නම මසක් තම කුස තුල රදවා ජනිත කල පසු මුළු ජීවිත කාලයටම ඒ බර උසුලන තම පියාණන් තමන්ගේම දෑතින් ඝාතනය කිරීම තරම් සාහසිකත්වයක් තව තිබේද? හිස් අතින් මෙලොවට පැමිණෙන අපි හිස් අතින්ම මෙලොවින් සමු ගන්නා බව දැන දැනම නොමියෙන මිනිසුන් මෙන් මෙවැනි අකුසල් දේ කරමින් තමන්ට, තම පවුලට, තම ගමට සහ රටට වසංගතයක් වන්නේ ඇයි? කොතෙකුත් යහ මග කියා දෙන බණ හෝ දේශනා පැවැත්තුවත් මෙවන් තිරිසන් නරුමයන් ඉතිහාසයේ පුරාවට ජීවත් වූ වගද අපි පැහැදිලිව දනිමු. තව බොහෝ හේතු කාරණා ලිවිය හැකි නමුත් අනිකුත් පාඨකයන්ට මෙම අදහස හරිනම් තව එකතු කරන මෙන් ඉල්ලමි.

:       3       14

dias Saturday, 12 January 2019 11:56 AM

මේ ඉතින් දකුණේ අයනේ. ප්‍රශ්නයක් නැහැ.

:       97       322

වික්‍රම Saturday, 12 January 2019 12:38 PM

මොහු බීලා ගිහිල්ලා කියලා ප්‍රවෘත්තියේ තියෙනවා නේද? ඒක දැක්කේ නැද්ද?

:       55       6

saman Sunday, 13 January 2019 04:35 AM

ඉන්දියාවෙන් වෙන ආගමක් ඉල්ලගත්තොත් කොහොමද? බුද්ධාගම නම් හරියන්නේ නැහැ..

:       216       226

sirimewanSunday, 13 January 2019 02:54 PM

බෞද්ධ නොවන නිසා සමන් අහලා නැතුව ඇති. ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අනාගතේ මිනිස්සු මෝඩ වෙන තරම ගැන. අනාගතයේ මිනිස්සු රාග, ද්වේශ බහුල නිසා කරන දෙමව්පියන් දරුවන්වත් දරුවන් දෙමව්පියන්වත් නොහඳුනන තත්ත්වයට පත් වෙන හැටි, දේශපාලුවන් මෝඩ අමනුෂ්‍ය තීරන ගන්න හැටි. ඒ නිසාවෙන් මිනිස්සුන්ගේ ආයුෂ වසර 10 දක්වා අඩු වෙන හැටි විස්තර එක්ක තියෙනව. හොයලා කියවලා බලන්න. මිනිස්සුන්ගේ ඒ මෝඩකම් වලට බුදු දහම වග කිවා යුතුය කියන්නේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති අය.

:       3       117

ජයන්ත මිලානෝ Sunday, 13 January 2019 08:58 AM

ඇත්තම කියනවා නම්, ලංකාවේ ක්‍රිස්තියානි ජනතාව මිනීමැරුම්වලට වරදකරුවන් වූ සංඛ්‍යාව ඉතාමත් අඩු ප්‍රවණතාවක් දක්වනවා.

:       395       235

sirimewanSunday, 13 January 2019 02:56 PM

වෙන කතා ඕනේ නෑ. ඉතාලියේ අපරාධ වාර්තා අරන් කියවලා බලන්න

:       0       2

පිටිගල මිලානෝ Sunday, 13 January 2019 11:30 PM

මිලානෝ ඉන්න ජයන්ත නමට නම් ජවිපෙ (බොරු චන්ඩියෙක්) සහ කතෝලිකයෙක්...

:       8       0

Uditha - London Sunday, 13 January 2019 10:00 AM

මේ දේවල් අපි පෙර සංසාරේ අරන් එන අකුසල කර්ම.. තමන්ගේ පෙර ආත්මයේ තරහකාරයින් තමන්ගේ අම්ම තාත්ත වෙලා ඉපදෙනවා... තමන්ගේ දරුවෝ ගිය ආත්මේ තරහකාරයින් වෙනවා.. එය මා අත්දෙකීමෙන් දන්නා දෙයක්... මේ සංසාරේ අපි කරන කුසල් අකුසල් අපි අපේ සසර පුරාවටම අරන් යනවා... හුඟක් කලකිරෙනවා මෙවැනි දෙයක් කතා කිරීම ගැන... බුදුන්ගේ අටලෝ දහම කියන්නේ අපේ ජීවිතේ.. එය තේරුම් අරන් ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනෑ...

:       112       221

පුක්කුස ලන්ඩන් Sunday, 13 January 2019 10:50 AM

උදිත, මේවා ලන්ඩනයේ අමුතු බණ දෙසූ නිලන්ත කියපු දේවල් නේද?

:       28       4

roshan Sunday, 13 January 2019 03:00 PM

මිනී මරුවන්, ස්ත්‍රී දූශකයන්, ළමා අපචාරකරුවන් බහුතරය එම අපරාද කරන විට බීමතින් සිටියි. මත්පැන් භාවිතයට වචනයකින් හෝ උදවු කරන මිනිසුන්ට මේ අපරාද නිසා දුක් විදින්නන්ගේ සාපය වැදේවා....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site