IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොත් පත්තර කියවමින් චම්පික එම් වාට්ටුවේ

( +++ ජයන්ත සමරකෝන්)

රිමාන්ඞ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේදී පොත්පත් හා දිනපතා සතිපතා පුවත්පත් කියවමින් විවේකව ගත කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සිරවාට්ටුවේ  ඇති ලී බංකුවක වාඩිවී ඔහු මෙලෙස සිය දෛනික දිවිය පවත්වාගෙන යන බවද පැවසේ.
ඉඳහිට නිලධාරීන් සමඟ වචනයක් දෙකක් කතා කරන ඔහුගෙන් නිලධාරීන්ටත් නිලධාරීන්ගෙන් ඔහුටත් කිසිදු බාධාවක් සිදු නොවන පරිදි හැසිරෙන බවද දැන ගන්නට තිබේ.

නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීම හැරුණු විට හිටපු අමාත්‍යවරයා වෙනත් කිසිදු ඉල්ලීමක් කර නැතැයිද දෛනික ආහාරපාන පිටතින් රැගෙන එන බවද එහි නිලධාරීහු පවසති. හිටපු අමාත්‍යවරයාගේ සැපදුක් විමසීම සඳහා ජාතික හෙළ උරුමයේ උප සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා සහ හිමිවරුන් වහන්සේලා පිරිසක් ඊයේ පෙරවරුවේ (23) රිමාන්ඞ් බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයිද වාර්තාවේ.



අදහස් (7)

පොත් පත්තර කියවමින් චම්පික එම් වාට්ටුවේ

Rasi Tuesday, 24 December 2019 05:05 AM

කරපු පව් මතක් කරගන්න හොද වෙලාව. ඒ වගේම ඉදිරියට කරන්න තියෙන පව් සැලසුම් කරගන්නත් හොද වෙලාව.

:       1527       1713

Dilan Tuesday, 24 December 2019 06:38 AM

දේශපාලකයන් සියල්ලම අවුරුදු 5ක් විතර පොත් ටිකක් දීලා සිරගත කළා නම් එළියට එනකොට යමක් ඉගෙනගෙන ඒවි..

:       0       0

Hemantha Tuesday, 24 December 2019 06:58 AM

වෙනත් දෙපාලකයෝ හිරේ ගියාම ඉන්නේ බන්ධනාගාර රෝහලේ. ඔබතුමා එතනත් දුන්නේ ආදර්ශයක්.

:       132       543

p.d goonawadena Tuesday, 24 December 2019 07:11 AM

අනිත් වැඩ වලට යන්න බැහැනේ....ගේට්ටු දාලා මුරකාරයෝ ඉන්නවනේ....

:       316       507

Bamunuarachchi Tuesday, 24 December 2019 07:46 AM

නැතුව මොන බම්බුවක් කරන්නද?

:       0       0

Gune Tuesday, 24 December 2019 01:31 PM

Rasi, මහපොළොවේ රැඳෙන්න වටින්නේ නැති අපරාධ කරපු ගොයියලා සුදු ඇඳගෙන අගේට වැජඹෙනවා. නමුත් ඔබ වැනි අයට පෙනෙන්නේ බන්ධනාගාර රෝහලට යන්නවත් ඉල්ලුවේ නැති මේ හාදයාවයි. මම කියන්නේ නෑ මෙයා නිවැරදියි කියලා.

:       0       1

Bamunuarachchi Wednesday, 25 December 2019 01:27 AM

නැතුව ගේම් ගහන්න හම්බවෙන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site