(විනීතා එම් ගමගේ)
උතුරේ පත්වීම් බාරගැනීම සඳහා නවක පවුල් සෞඛ්‍ය සේවිකාවන් 15 දෙනෙකු යාපනය නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යන විටත් එම කාර්යාලයේ නිලධාරීන් මෙම පත්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව දැන්වීමෙන් නවක නිලධාරීනියන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඔවුන් 15 දෙනා බස්නාහිර හා ආසන්න පළාත්වල පිරිස් වන අතර අද (10) දිනයේ යාපනය නල්ලුර්හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පත්වීම් බාරගන්නා ලෙස සඳහන් පත්වීම් ලිපි පසුගිය 27 වැනිදා කොළඹ දී පැවැති උත්සවයක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නිලධාරිනියන් වෙත දෙනු ලැබීය.
එම නිලධාරියන් 15 දෙනා ඊයේ (9) දුම්රියෙන් එහි ගොස් ඇති අතර අද (10) උදෑසන පත්වීම් බාරගැනීමට ගිය අවස්ථාවේ දී මේ පිළිබඳ කිසිවක් නොදන්නා බැවින් කොළඹට දන්වා විසඳුමක් දෙන තෙක් කාර්යාලයේ රැඳී සිටින්නැයි දන්වා තිබේ.
ඒ අනුව එම නිලධාරිනියන් නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද (10) සවස 5 වනතුරු රැඳී සිට තිබේ. පසුව ඔවුනට හෙට දිනයේ මුලතිව් බලා පිටත් වන්නැයි ලිපි බාර දී ඇති අතර එම ලිපි සම්පුර්ණයෙන් දෙමළ භාෂාවෙන් ලියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... ආණ්ඩුව විසිරෙව්වට පස්සේ දෙන පත්වීම් වලංගු නෑ.
ඔහොම වෙලා මදි... තව දීපල්ලා මේ පාරත්...
ඔන්න දේශපාලන වැඩ. මේක ලංකාවනේ. පාලකයොත් ලංකාවේ. නිලධාරීනුත් ලංකාවේ. අහෝ රටකට ගිය කලක්. නැවත ඇතුන් ලවාවත් යථාතත්වයකට අද්දවන්න බැරි වෙයි ලේසියෙන්.
මෙය සාධාරණය. මොවුන් වව්නියාවට පත්කළානම් කාටත් තේරුම් ගත හැකිය. උගත් දෙමළ ගැහැණු ළමයි රස්සාවල් නැතිව සිටින විට කොළඹින් ගැහැණු ළමයි වින්නඹුකමට යාපනේ යැවීම සිනහ ගන්වන කාරණයකි. මෙම දෙමළ ජනතාවගෙන් සිංහල තේරුම් ගන්න පුළුවන් ජනතාව ඉතාම ස්වල්පය. ඉතින් වින්නඹුකම් කරන්නේ කොහොමද ?
මුස්ලිම් මනුස්සයෙක් හිත රිදුනොත්, දෙමල මනුස්සයෙක්ගේ හිතට දුකක් ආවොත් වල්ගේ උස්සන් ගිරිය පුප්පන "සහජීවන" සාම කඩකාරයින්ට මේ සිංහල නිලධාරීන්ට සුළුජාතින් කරන කෙනෙහිලිකම් පේන්නේ නැහැ. ඒ අතින් මේ අසාධාරණ කම් ලොවට නිරාවරණය කරන ලංකාදීපයට අපේ ප්‍රණාමය පුදකරමු...
ගුණ්ඩු... ගුණ්ඩු ඡන්ද ගුණ්ඩු.. ඔය සෞඛ්‍ය සේවිකා මහත්මියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙපමණයි. රැකියාව ගන්න. එ්ත්.. ඡන්දය වෙන කාටහරි දෙන්න.
දෙමළ භාෂාව දන්නෙ නැති අයට යාපනේට පත්වීම් දීලා කොහොමද රස්සාව කරන්නෙ? ඒ පළාතෙන් සුදුසුකම් තියෙන අය හිටියෙම නැද්ද පත් කරන්න කොළඹ අයව යවන්නේ ?
කොහොමද අපේ රටේ වැඩ? අනික සෞඛ්‍ය සේවිකාවන් ගන්න අගමැති ලියුම් දෙන්නේ කොහොමද? අගමැති සෞඛ්‍ය ඇමති නොවෙයි නේද?
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක පත්වීම් දීම තහනම් වන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයන්ට පමණද? මෙය පත්වීමක් නොව පුහුණුවෙන් පසුව අනුයුක්ත කිරීමක් නම් අගමැති කාර්යාලයෙන් ලිපි යැව්වේ ඇයි? එහෙමනම් ලිපි යවන්න තිබුනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට නේද?
MR ට ජයවේවා !
මේ රටේ මිනිස්සු. කවදත් කෙලින්නේ පිස්සු.
"නුඹ නාඬන් නුඹ නාඬන් ඕව අපිට හොඳ පාඩම්". හිටපු අයත් ඉන්න අයත් ඔක්කොම එක බෝට්ටුවේ.
මැකෝ මේ පත්වීම් වලංගුද ?
පවුල් සෞබ්‍ය සේවිකාවන් පත්කළ යුත්තේ අදාළ පළාතෙනි. ඔවුන්ට තම ප්‍රදේශයේ වැසියන් ගැන අවබෝධයක් තිබෙන නිසා වැඩකිරීම පහසුයි. අනික මොවුන්ට දෙමළ භාෂාව හැසිරවීමටත් නොහැකි නම් ඔවුන් අදාළ වැසියන් සමග අදහස් හුවමාරු කර ගන්නේ කෙසේද..? කරුණාකර මෙවැනි පත්කිරීම් නොකරන්න. කුමන රජයකින් හෝ අප මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවෙමු...