(උපාලි ආනන්ද)
ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක් පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි සැක පිට පදවිය වෙහෙරතැන්න ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක අණ දෙන නිලධාරිවරයෙකු ලෙස රාජකාරි කරන යුද හමුදා මේජර්වරයකු සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
මේජර්වරයාගේ රියදුරා ලෙස රාජකාරි කරන කෝප‍්‍රල්වරයෙකු සහ සහයකයා ලෙස රාජකාරි කරන යුද හමුදා සෙබලෙකු මෙසේ අත්අඩංගුවට ගත් සෙසු සකකරුවෝය.
පසුගිය දිනකදී සියඔලාණ්ඩුව ප‍්‍රදේශයෙන් ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ තුන් දහසක් සොයාගත් අතර එහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයකුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගැනුණු මේජර්වරයා සතුව තිබී සිම් කාඩ් පත් 13 ක් සහ ජංගම දුරකතන 5 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
මේ අතර මෙම මේජර්වරයා පරිහරණය කළ කැබ් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
මේ අතර මෙම යුද හමුදා මේජර්වරයාගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ අනූවකට අධික මුදලක් තැන්පත් කර ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරන තවත් යුධ හමුදා කපිතාන්වරයෙකුද අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන අරඹා තිබේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Hafeel Thursday, 25 October 2018 10:12 AM
මේකටත් ජනාධිපති විශේෂ කැබිනට් හමුවක් කැඳවාවිද?
mike Thursday, 25 October 2018 01:15 PM
මුකුත් ලියන්න හිතුවා ඒත් ඕන නෑ කියලත් හිතුනා. රණවිරු ප්‍රශ්නය