IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාතාල නායකයකුගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි සමඟ දැලේ

(එම්. සුසිල් ප්‍රියන්ත)
 

විදෙස් රටකට පලා ගොස් සිටින දකුණේ පාතාල නායකයකු වන 'සුපුන් බුද්ධික' නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු, ගිනි අවි 3ක් හා ජීව පතුරොම් 5ක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත.
 
සිය බාරයට ගත් ගිනි අවි තුන අතර, ශ්‍රී ලංකාවේ, ස්පාඤ්ඤයේ සහ තවත් විදෙස් රටක (අංකය මකා ඇති) ගිනි අවියක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
 
මේ ගිනි අවි තුනම පාතාල නායක සුපුන් බුද්ධික නමැත්තා කළ ඝාතනවලට යොදාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවද එම බලකාය කියයි.
 
මේ ගිනි අවි තුන හා සැකකරුවන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලීසියට භාර දුන් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ඒකකයේ ප්‍රකාශකයෙක් කීවේය.



අදහස් (1)

පාතාල නායකයකුගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි සමඟ දැලේ

ජයන්ත මිලානො Wednesday, 16 September 2020 08:59 AM

මේ අල්ලන පාතාලෙ නරුමයො හැටියට මේක බෞද්ධයන්ගේ රටක් නෙමේ පාතාලයේ රටක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site