ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 63 වැනි සංවත්සරය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම් නිතින් නියෝලා මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (27) පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දෙනගම සිරිවර්ධන, ඇස්.තිලෙයිනාදන්,ආචාර්ය එඩ්වින් ආරියදාස,අධිනීතිඥ බුද්ධික කුරුකුලරත්න, පුරුකාන් බී.ඉප්තිකාර්, සුමනා නෙල්ලම්පිටිය,සරත් මළලසේකර,ක.රූපසිංහ,සීතා රංජනී, ඇම්.ජේ.ඇම්.සරුක් යන මහත්ම මහත්මීන් වෙත ඩී.එෆ්.කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය සම්මානය පිරිනැමීමද මෙම අවස්ථාවේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති මුදිත කාරියකරවන, ලේකම් සිසිර විජේසිංහ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් මාධ්‍යවේදීහු පිරිසක්ද සහභාගි වූහ. 


ඡායාරූප - චතුර එස් .කොඩිකාර

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.