IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුත්තලමේ වායු වැඩපොළේ පිපිරීමකින් දෙකක් රෝහලට

(එච් . චන්දන)

නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

වයස අවුරුදු 40 ක සහ 24 ක් වන දෙදෙනකු මෙම පිපිරීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම රෝහල් ගත තිබේ.

මෙම පිපිරීම 30 වැනිදා සවස 4.30 ට පමණ සිදුවී ඇත.රෝහල් ගත කල අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

රථ වාහන සදහා යොදා ගන්නා වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීමේ ස්ථානයේ මෙම පිපිරීම සිදුවී ඇති අතර , තුවාල ලබා ඇති දෙදෙනා මෙම ස්ථානයේ සේවය කරමින් සිටියදී මෙම පිපිරීම සිදුවී තිබේ.

පුපුරා ගොස් ඇත්තේ වායු සමීකරණ කටයුතු සදහා යොදා ගන්නා අඩි 05 ක් පමණ උසකින් යුක්ත නයිට්‍රජන් අඩංගු ටැංකියකට සවි කර තිබූ බටයක් බවයි පොලීසිය සිදු ක මූලික පරීක්ෂණ වලදී අණාවර්ණය වී ඇත්තේ.

 



අදහස් (0)

පුත්තලමේ වායු වැඩපොළේ පිපිරීමකින් දෙකක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site