IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුත්තලම මැතිවරණ හා ඉඩම් ජෙජිස්ට්‍රාර් කාර්යාලය වසා දමයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා (16) දින පැවසිය.
 
දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසා සිටියේ කොවිඩ් 19 ආසාධිතයකු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිළධාරියකු ඇසුරු කිරිමත් සමඟ සෙසු නිළධාරින්ගේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කාර්යාල  අද 16 දින සිට වසා දැමු බවයි.
 
පුත්තලම තිල්අඩිය පදිංචි මැතිවර්ණ කාර්යාලයේ නිළධාරියකු මෙසේ කොවිඩ් ආසාධිතයකු ඇසුරු කර ඇති බවත් මේ හේතුවෙන් අදාල නිළධාරියා ජෛව පටල සාම්පල පරික්ෂාවකට යොමු කර සනාථ කර ගන්නා තුරු මෙම කාර්යාල වසා දමන බවද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය.
 
අදාල කාර්යාල වසා දැමිමට පෙර අදාල කාර්යාල ඒකක විෂබිජ හරණය සිදුකිරිමට කටයුතු කර තිබුණි.
 
දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ දිස්ත්‍රික් මැතිවර්ණ ඒකකය වසා දැමිමත් සමග එම කාර්යාල ආසන්නයේම පිහිටි දිස්ත්‍රික් ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාලයද වසා දමා තිබුනේ අදාල නිළධාරියා එම ඉඩම් අංශයේ නිළධාරින් ද ඇසුරු කිරිම සැලකිල්ලට ගනිමින් බව දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය. 



අදහස් (0)

පුත්තලම මැතිවරණ හා ඉඩම් ජෙජිස්ට්‍රාර් කාර්යාලය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site