(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරිවල යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හඳුනාගැනීම සඳහා අද (20) පැවැති පෙරෙට්ටුවේ දී හඳුනා ගනු ලැබූ අතර ඒ අනුව සැකකරු ඇප මත මුදා හැරුණි.
රුපියල් ලක්ෂය බැගින් සහතික ඇප දෙකක් මත මුදා හැරුණ අතර වැඩිදුර විභාගය ලබන මස 25 වන දිනට කල් තැබිණි.
සැකකරු පසුගිය 18 වැනිදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගිය අවස්ථාවේ දී එහි ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි වනාතවිල්ලුව සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයාගේ රාජකාරියට බාධා කර ඔහුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරු හඳුනාගැනීම සඳහා පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පැමිණිළිකාර සිවිල් ආරක්ෂක නිලධාරියා විසින් සැකකරු හඳුනාගනු ලැබීය.
ඒ අනුව පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුත්තලම ප්‍රාසභා මන්ත්‍රීට ඇප