(එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර)

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ වසර ගණාවක් පැරණි විශාල නුගගසක් කඩා වැටී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකර ඒකකය පවසයි.

අද අළුයම් කාලයේ සිට සමන සුළං හේතුවෙන් මෙම ගස කඩා වැටීමට හේතු වී ඇති බවත් , මේ තත්වය නිසා පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් කරණ වාහන මාදම්පේ නව නගරය හරහා ගමන් කිරීමට කටයතු කර ඇති බව මාදම්පේ පොලීසය කියයි.

දැනටමත් මෙම විශාල නුග ගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන නිළධාරීන් හා පොලීසය කටයතු ආරම්භ කර ඇති අතර මෙහි විශාලත්වය නිසා විශාල කාලයක් ගත වනු ඇතැයි ඔවුන් සදහන් කරයි. 

මෙම නුග ගස ඉවත් කිරීමට මේ වනවිටත් පැය 8  කට ආසන්න කාලය සිට දැඩි උත්සහ ගනිමින් සිටින බව කියයි.

කෙසේ වෙතත් පුත්තලම සිට කොළඹ බලා ගමන් ගන්නා වාහන සේම කොළඹ සිට පුත්තලම බලා ගමන් ගන්න වාහනද මාදම්පේ නව නගරය හරහා පැමිණ ගමන් කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබේ.