IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පුත්තලමේ කැලෑ කපා නැවත වගා කරන්න යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා  නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරති.

පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100 කට ආසන්න භූමියක ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතිය ජනතා සහභාගිත්වයෙන් මෙසේ කපා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරයි .

අදාල රක්ෂිත තුළ පිහිටි බුරුත,කළුවර,මී,ඉගිනි, කොහොඹ , වීර , ඇතුළු ශාක වර්ග කපා ගිනි තබා ඩෝසර් කරමින් ඇති බවත් එම පරිසර පද්ධතිය තුළ ස්භාවිකව ඇති වනාන්තරය මෙසේ වනසා නැවත කායා , කොහොඹ සිටුවීමට සැලසුම් කර ඇති බව කියයි.

මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය වැනසීමත් සමග අලි මිනිස් ගැටුම තවත් උග්‍ර අතට පත්වීමේ අවධානමක්ද ඇති බව ජනතාව චෝදනා කරති.

මෙම වගා කටයුත්ත සදහා මේ වන විට සෙල්ලකන්දල් හා මුරුක්කුවටවන ප්‍රදේශ වල 50 කට ආසන්න පිරිසක් තෝරා ගෙන ඔවුන් ප්‍රතිලාභින් ලෙස නම් කර ඇති බවද කියයි.

මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි සරත් කුමාර මහතාගෙන් කළ විමසීමේදි මෙසේ කීය.

මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක් ජනතාව සහභාගිත්වයෙන් තමා සිදුවන්නේ මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුට අයත් භුමි වල හෙක්ටයාර් 100 ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය මගින් තමා මෙහි සම්පූර්ණයෙන් මෙහෙයවීම සිදුවන්නේ ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා .

ඒ අනුව තෝරා ගත් ගොවීන් මෙම භුමි තුළ අදාල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලබා දෙන පැල සිටුවීම කරන්න වෙනවා.එයට ගෙවීමක් ලබා දෙනවා ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගාකටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා යැයි පැවසිය.

මේ සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගෙන ඇත් දැයි කල විමසිමේදි දිසා වන නිළධාරි වරයා පවසා සිටියේ එය අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙලි කිරීමක් සදහා අනිවර්යෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවයි.

 

 

 



අදහස් (7)

පුත්තලමේ කැලෑ කපා නැවත වගා කරන්න යයි

Akila Monday, 30 August 2021 10:36 AM

මේ විදිහේ මෝඩ වැඩක්..., මහදැනමුත්තාවත් කරයි කියලා නම් හිතන්නේ නැහැ... මේකේ යටි අරමුණ හොඳ ලී ටික කට්ටිය බෙදාගන්න වෙන්න ඇති...

:       0       6

කැලෑ පාළුවන්ගේ දේශය Monday, 30 August 2021 10:40 AM

එච්චර ගණන් ගන්න එපා. මේ ලංකාවනේ... ඔක්සිජන් නැත්නම් අපි වෙන රටකට හරි යනවනේ... ලංකාවේ කවුරුත් හොරකම් කරනවා නීතිය නමනවා. අනික මෙහෙම ගහන දේකින් තමයි ඡන්දෙදී ජනතාවව චූන් කරන්න මුදල් හොයා ගන්න පුළුවන්... මීට වහල් හැට නම ලක්ෂය.

:       1       11

කෝ මේ ෆේස්බුක් වීරයෝ Monday, 30 August 2021 10:50 AM

බදුදීන් කැලෑ කැපුවෙ අනුමැතිය ඇතිව බව දැන් පේනවනෙ. කෝ දැන් ෆේස් බුක් එකේ තමන්ගෙ මූණ වටේ සටන් පාඨ අලව ගත් කට්ටිය? දැන් ඉතින් මූණෙ දැලි තමා ගා ගන්න තියෙන්නෙ. බොරු ජාතිවාදය උලුප්ප ගත්තට ලංකාවෙ මූනිච්ඡාවට දගලන අවස්ථාවාදීන්ට රට ගැන කැක්කුමක් නැහැ.

:       0       12

විහඟ Monday, 30 August 2021 12:00 PM

මේ අනුව වගා කිරීම පාපයකි . ලඳු කැලෑ එසේ තිබීම යහපතකි.

:       2       5

fairoos Monday, 30 August 2021 02:31 PM

කියත් මග...

:       1       3

siri Monday, 30 August 2021 02:46 PM

අර විල්පත්තුවෙව් කැලෑ කපපු එක්කෙනා ඒ තැන්වල පොරොන්දු උන අන්දමට පැල හිටවලා ඉවරද?

:       0       3

බණ්ඩාMonday, 30 August 2021 05:47 PM

එකට එක සිතින් එක් ආකාරයක වැඩ කරන අය පරම මිතුරන් යැයි හඳුන්වනු ලැබේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site