
(ලලිත් නවරත්න)
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමති බිළිදෙකි.
මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් සමග එකම ඇඳක නිදන් සිට ඇති පියා වෙනම ස්ථානයක නිදාසිට ඇත. අලුයම අවදිවී බැලීමේදී සිය දරුවාගේ නිහඩතාවය හේතුවෙන් පරීක්ෂා කළ පසු ශරීරය සීතලව තිබූ බව මව්පියෝ පවසති.
අනතුරුව දරුවා රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි. අනතුරව දරුවාගේ පියා නිවෙසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා.
කිසියම් සතකු සූරා ඇති අයුරු දරුවාගේ පිට පුරා දක්නට ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කිය.
මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.