
(නිහාල් ජයවීර)
පාදෙණිය - අනුරාධපුරය ප්රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්රදේශයෙන් මේ දිනවල උදේ ,හවස වල් අලි රංචුවක් පාර මාරු වෙන අයුරු දකින්න ලැබෙන බව ප්රදේශවාසිහු කියති.
මේ රංචුවේ වල් අලි දෙසීය පනහක් පමණ සිටින බව ද අඹන්පොළ,තේක්කවත්ත රක්ෂිතයේ සිට සවස් කාලයේ එළියට පැමිණෙන මේ සතුන් ප්රධාන මාර්ගය හරහා මාරු වී පාළුකඩවල වැව දෙසට ගමන් කරන බව ප්රදේශවාසිහු කියති.
වල් අලීන් පාර මාරුවන බවට මේ ස්ථානයේ දැන්වීම් පුවරුවක් හෝ ප්රදර්ශනය කොට නැති බව ද ජනතාව කියති.


COMMENTS
බලන්න ඔවුන්ගේ ඉඩම් අපි අල්ලාගත්තාම ඔවුන්ට තියෙන අපහසුව.. හරිම සුන්දර දසුනක් අපට නම්... නිහාල් ජයවීර මහතාණෙනි, හරිම සතුටුයි.
'පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම්' හා අපි ඉන්නම් අලිහාමි...
හරිම සුන්දර දර්ශනයක්. චුට්ටන්ව මැදින් තියාගෙන බොහොම පරීක්ෂාවෙන්, ඒවගේම තමන්ගේ අභිමානයෙන්, නිර්භීතව පාර මාරුවෙන ආකාරය ...මේ මිනිස් බවක් ලැබූ - එහෙත් පරිසරය ,සතුන් විනාශ කරමින් තමුනුත් විනාශවෙන ...කිසිවක් නැති.. එහෙත් මහා ආඩම්බරකාර නොමිනිසුන්ට (මිනිසුන්ට නොව) මහත්මා ආදර්ශයක්. තමන් උපන් රටේම අනාථයන් වූ (නොමිනිසා විසින් ..රුපියල්, ශතවලට අනාථකළ) "සද්දන්තයිනේ, සුබ ගමන්. හෙමින් යන්න. පරිස්සමින් ආපහු පාර මාරුවෙන්න. නොමිනිසුන් හැමතැනම...
බැරි වෙලාවකවත් අතරමං වෙලා හරි පාර වැරදිලාවත් පන්සලකට හරි වෙන කොහේට හරි යන්න නම් එපා...
මිනිසා කියලා හඳුන්වන නපුරු සත්වයා අලින්ගේ නිජබිම් අල්ලාගත් නිසා තමයි මෙවැනි ලස්සන දසුන් දැක ගන්න පුළුවන් වෙන්නේ.
මේවා හොඳයි නගරබද උදවියට නිවාඩු කාලෙට ඔය පළාත්වලට ගිහින් අලි බලලා එන්න... හැබැයි, ඔය පළාත් වල ගොවිතැන් කරමින් හැමදාම ජීවත්වෙන උදවියට ඔය අලින් එක්ක ජීවත් වෙන එක එතරම් සුන්දර දෙයක් නොවෙයි...