IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම්

(නිහාල් ජයවීර)

පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්‍රදේශයෙන් මේ දිනවල උදේ ,හවස වල් අලි රංචුවක් පාර මාරු වෙන අයුරු දකින්න ලැබෙන බව ප්‍රදේශවාසිහු කියති.

මේ රංචුවේ වල් අලි දෙසීය පනහක් පමණ සිටින බව ද අඹන්පොළ,තේක්කවත්ත රක්ෂිතයේ සිට සවස් කාලයේ එළියට පැමිණෙන මේ සතුන් ප්‍රධාන මාර්ගය හරහා මාරු වී පාළුකඩවල වැව දෙසට ගමන් කරන බව ප්‍රදේශවාසිහු කියති.

වල් අලීන් පාර මාරුවන බවට මේ ස්ථානයේ දැන්වීම් පුවරුවක් හෝ ප්‍රදර්ශනය කොට නැති බව ද ජනතාව කියති.

 



අදහස් (9)

පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම්

Cisco Monday, 02 August 2021 01:48 PM

බලන්න ඔවුන්ගේ ඉඩම් අපි අල්ලාගත්තාම ඔවුන්ට තියෙන අපහසුව.. හරිම සුන්දර දසුනක් අපට නම්... නිහාල් ජයවීර මහතාණෙනි, හරිම සතුටුයි.

:       2       113

ගොයිහාමි Monday, 02 August 2021 01:59 PM

'පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම්' හා අපි ඉන්නම් අලිහාමි...

:       2       125

විජිත් Monday, 02 August 2021 02:36 PM

හරිම සුන්දර දර්ශනයක්. චුට්ටන්ව මැදින් තියාගෙන බොහොම පරීක්ෂාවෙන්, ඒවගේම තමන්ගේ අභිමානයෙන්, නිර්භීතව පාර මාරුවෙන ආකාරය ...මේ මිනිස් බවක් ලැබූ - එහෙත් පරිසරය ,සතුන් විනාශ කරමින් තමුනුත් විනාශවෙන ...කිසිවක් නැති.. එහෙත් මහා ආඩම්බරකාර නොමිනිසුන්ට (මිනිසුන්ට නොව) මහත්මා ආදර්ශයක්. තමන් උපන් රටේම අනාථයන් වූ (නොමිනිසා විසින් ..රුපියල්, ශතවලට අනාථකළ) "සද්දන්තයිනේ, සුබ ගමන්. හෙමින් යන්න. පරිස්සමින් ආපහු පාර මාරුවෙන්න. නොමිනිසුන් හැමතැනම...

:       0       262

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 03 August 2021 08:57 AM

ඇත්ත විජිත්.. තමන්ගේ නිජබිම්වලට දෙපා සතා පැමිණ ඔප්පු තිරප්පු හදාගෙන කරන බලපෑම් හමුවේ මේ දැවැන්තයින් මොනතරම් ව්‍යාකූල මානසික මට්ටමකට පත් වෙනවා ඇතිද? ඒ නිසා ඔවුන් චණ්ඩ ලෙස හැසිරීම පුදුමයක් නොවේ. ජීවමාන බුදුහිමියන් වන දළදා වහන්සේ කරමත වඩා හිඳුවා ගෙන යෑමට තරම් පින් ඇති මේ සතුන් රැකගැනීම වෙනුවෙන් මීට වඩා උනන්දුවක් තිබීම වැදගත්. අලි බැලිල්ල කිසිදා එපා නොවන දෙයක්. ඒ කියන්නේ අලියා දෙස කොච්චර කාලයක් බලන් හිටියත්, එපා වෙන්නේ නැහැ. මේ අයට හොඳ නරක දෙක හොඳින් මතකයි. එක්තරා ප්‍රසිද්ධ පෙරහැරකදී මං ඇතෙකුට පාන් ගෙඩියක් දුන්නා. ඊළඟ වසරේදී එයා එතැනම නැවතී පාන් ගෙඩිය දෙනකන්ම ගියේ නැහැ. ඒ තරම් මතකයක් මේ දැවැන්ත ක්ෂීරපායී සතාට තියෙනවා. මද කිපෙන කාලයට මේ අය හරිම ප්‍රචණ්ඩයි. ඒක ස්වභාව ධර්මය. මේ ලියන මාව එවන් අවස්ථාවක ප්‍රහාරයකින් මැරුණත්, මේ සතුන්ට මගේ හිතේ තියෙන ආදරේ අඩුවෙන්නේ නැහැ. ඒක තමයි මේ අයට වන අලි කියන්නේ...

:       0       132

ගමේ එකාලා Monday, 02 August 2021 03:00 PM

බැරි වෙලාවකවත් අතරමං වෙලා හරි පාර වැරදිලාවත් පන්සලකට හරි වෙන කොහේට හරි යන්න නම් එපා...

:       196       308

don Monday, 02 August 2021 03:51 PM

මිනිසා කියලා හඳුන්වන නපුරු සත්වයා අලින්ගේ නිජබිම් අල්ලාගත් නිසා තමයි මෙවැනි ලස්සන දසුන් දැක ගන්න පුළුවන් වෙන්නේ.

:       5       216

jagath Monday, 02 August 2021 05:53 PM

මේවා හොඳයි නගරබද උදවියට නිවාඩු කාලෙට ඔය පළාත්වලට ගිහින් අලි බලලා එන්න... හැබැයි, ඔය පළාත් වල ගොවිතැන් කරමින් හැමදාම ජීවත්වෙන උදවියට ඔය අලින් එක්ක ජීවත් වෙන එක එතරම් සුන්දර දෙයක් නොවෙයි...

:       143       30

PereraTuesday, 03 August 2021 08:24 AM

එහෙම වෙලා තියෙන්නේ මිනිසුන් සතුන්ගේ නිජබිම් ආක්‍රමණය කර ඇති බැවිනි....

:       0       0

sharm warnTuesday, 03 August 2021 10:40 AM

හොඳයි .මෙහෙම හිතන්නකෝ .ඔයාගේ ගෙවල් පැත්තේ තියන පාරක් කියලා ,කවුරු හරි දේශපාලුවෙකු ගේ අනුදැනුමෙන් තීරණය කරලා ඔයාගේ ගෙදර භාගයක් කඩාගෙන පාරක් හැදුවොත් ඔයාට වන්දි මුදල් සොච්චමකුත්ම හා උත්සවාකාරයෙන් දීලා ,ඔයා අනේ ඉතින් සංවර්ධනය නේද . " කියල ඒ සොච්චාමත් අරන් ඔලුව නවල යනවාද ? නැති නම් ආරන්ච්ය ආව වෙලාවේ ඉඳන් දන්නා හැම එකාගේම ලඟට ගිහින් " අපේ ගෙවල් කඩන්න දෙන්න එපා බුදු සර් කියලා , ගෙදර බේරා ගන්න උත්සාහා කරනවද ? මිනිස්සුන්ට එහෙමවත් කරගන්න පුළුවන් කම තියනවා .නමුත් සත්තුන්ට එහෙම අයිතියක්වත් නැහැ . අලි ඇත්තු ගමන් කරන පාරවල් තියනවා .හරි නම් මේ මන්කඩවල් හරියට අධ්‍යනය කරලා මේවා එයාලට වෙන් කරලා දෙන්න ඕනේ .එහෙම නැතුව රේල් පාරේ නිදා ගන්නවා වගේ වැඩ කරලා හරියන්නේ නැහැ .කෝච්චිය ඔලුව උඩින් යනවමයි

:       1       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 903 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 998 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site