රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.
මුදලින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රණවක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වර්ෂයේ දී සිදුකළැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගිය සතියේ දී හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාඪලීට තියෙන්නේ රජයට කෘතඥතාව පළ කරන්න, තමුන්ගේ ප්‍රසිද්ධියයි ජනප්‍රියතාවයි තහවුරු කළාට
අලුත් අවුරුදු සැමරීම සදහා විශේෂ සහන පැකේජයක්.
අනේ මේ දේශපාලන නාඩගන් කවදා ඉවර වෙයිද.? අනාගත පරම්පරාවටත් මේ ටික තමා.
උඩ පැනගෙන ප්‍රතිචාර දක්වා අත්අඩංගුවට ගැනීම සාධාරණී කරණය කල සැමට අපගේ බලවත් ශෝකය.
රටේ මන්ත්‍රීවරුන්ට එක නීතියක්, මහජනයාට තව නීතියක්, මේවට තමයි මහජනතාව පාරට බහින්න ඕනේ... ඕන ජඩවැඩක් කරලා කොකා පෙන්නලා යනවා.
දැන් බේරගෙන හුරේ දානවා.
මෙයාලා මේ ඉන්නේ නඩුවෙන් නිදහස් කළා වගේනේ. මෙතන ඉන්න ඔක්කොම ජම්පරේට සුදුසුකම් ලබාගත් අය... ඒකත් විශේෂිතයි.
නීතියේ සහන පතා පැමිණෙන්නා පිරිසිදු දෑතින් පැමිණිය යුතුයි. සන්දීප් පැද්දේ නීතිවිරෝධී 1000 cc බයික් එකක්. වේගය පාලනය කරගන්න බැරුව පස්සෙන් හැප්පුවා. ඇරත් එයා ගැන කවුරුවත් බැලුවේ නෑ කියලා බොරු කිව්වට සිරිසේන දීපු ලක්ෂ 10 ගන්න නම් ආවා...
දැන් බොරැල්ල පොලිසියේ හප්පලා මරපු ට්‍රැෆික් මහත්තයටයි, ගම්මන්පිල නෝනා හප්පලා තුවාල කරපු තරුණයටයි සාධාරණය ඉෂ්ඨ කරන්න.
මෙතුමා පාස්පෝර්ට් දෙක දෙක තියගෙන නැත. නාදෑයින් හට නොමිලේ රජයේ ගෙවල් දුන්නේද නැත. මෙතුමාගේ ආච්චිට මැණික් මලු ලැබුනේද නැත. මහ බැංකුව හොරා කෑවේද නැත. රජයේ මුදල් අවිභාවිතා කළේද නැත. අයිතිකරුවන් නැති මාලිගා තිබුනේද නැත, මිනීමරලත් නැත, රජයේ මුදලින් දෙමව්පියන්ගේ සොහොන් හදලත් නැත...
අපේ රටේ දේශපාලන පලිගැනීම් කවදා නවතීද?
ඇරස්ට් කරපු විදිය වැරදියි. නමුත් වැරැද්ද හෑල්ලුවට ලක්කිරීම බරපතල තත්වයක්...
මේ කෝලන්, ජවනිකා බලලා අපේ මොලේ පිස්සු හැදෙනවා. රටේ කරන තරමක් නරක වැඩ කරන්නේ රටේ ඉන්න ඉහළම පෙලේ මිනිස්සු.. පොඩි මිනිහා ගැන ඉතින් කවර කතාද..?
පොත්පත් හා දිනපතා සතිපතා පුවත්පත් කියවමින් සිටි නිසා තමා ඇප හම්බුනේ. මතකනේ මරණීය දණ්ඩනය හිමිවෙලා හිටපු අයත් උපාධි ගත්ත නිසා එලියට ආව හැටි. අධ්‍යාපනයේ වැදගත්කම.
නව රජයේ මුල්ම නාට්‍යය මතු සම්බන්ධයි.
තවත් නාට්‍යයක අවසානය.., දැන් එක්සත් ජාතික පක්ෂයෙන් අගමැති තනතුරට ඉදිරිපත් කරමු.
මේ පාර වැලිකඩ සාමාන්‍ය ඇඳුමින්... ළඟදීම නඩුවෙන් පස්සේ ජම්පරේ පිටින්.. දැන් සැපද?
ඇප ලැබුනේ මෙගොල්ලනේගේ ඉල්ලීමට හෝ බලපෑමකට නම් එයත් වැරදී. මේගොල්ලන්ගේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ මෙගොල්ලනේ බලපෑමට ඇපලබුනා වගේ. ඔබලා ඔය කතාකරන්නේ එක්තරා පන්තියකට. අපිට ඔය රඟපෑම් ඔට්ටු නැහැ. ඇප ලැබුනාට කමක් නැහැ දවසකට හරි රිමාන්ඩ් එකේ හිටියානේ. නඩුව යන විදිහට බලමු ඔබලා පත් කරපු අධිකරණය ස්වාධීනද කියලා. මටනම් පාඨලී කියන්නේ නිකම්ම නිකන් මිනිසෙක් පමණයි.
පාඨලීට ඇප දීම ගැන සතුට පලකරනවා. රටට විශාල යමක් කරන්න පුළුවන් තරුණ උගත් දක්ෂ කෙනෙකුට මෙහෙම වීම අපරාදයක්. මේ රිය අනතුර මෝටර් සයිකල් ධාවනය තහනම් වර්ගයේ සයිකලය අධික වේගයෙන් පිටිපසින් හප්පා කරගත් අනතුරක්.
අර හැප්පුව කොල්ලව එක සැරයක්වත් බලන්න ගියේ නැහැ නේද? මෙන්න අපේ රටේ දේශපාලුවන්ගේ සැබෑ ස්වරූපය...
ඔය පටන්ගැනීම පමණයි. අපි තව වැඩ පෙන්නන්නේ ඉදරියට.....
ගෝඨා රට හදන්න යන විදිය........
ඒ අඩුව පිරෙයි හැකි ඉක්මනින්!
ලංකාවේ රිය අනතුරකට වරද කරුවෙකු සහ ව්‍යාජ සාක්ෂි මගින් අදිකරණය නොමග යැවීම සිදු කල පුද්ගලයෙක් ඇප මත අධිකරණයෙන් එලියට එන විට තියෙන පිළිගැනීම දිහා බලද්දී අපි රටක් විදියට කොහෙද ඉන්නේ කියල තිතෙනවා නේද ?.
කවුරු කවුරුත් කරන්නේ දේශපාලන නාට්‍ය රඟ දක්වා ජනතාවට වැඩ පෙන්වීමයි.
පුදුම නීතයක් තියෙන රටක්...
අරලිය ගහ මුදුනේ ඉඳන් පසුගිය රජයේ නීතිය අල්ලේ නටවපු මෙයාටත් දැන් දැනෙනවා ඇති නේද? කල කල දේ පල පල දේ...
කට්ටිය පිළිගන්න ඇවිත් තිබෙන්නේ හරියට මෙයා ලෝක වාර්තාවක් තියලා ලංකාවට ගොඩබැස්ස ආකාරයට.
මේ අය ඉතින් නිදා ගන්නේ, වැසිකිලි යන්නෙත් වැඳ ගත්ත ගමන් තමයි.
මේ පන්නරයෙන් දේශපාලනයේ ඉදිරියටම යන්න. ඔබට ජය. ඔබ නිදහස් කරගන්න බව සිතුණා. ඔබේ පෙරමුණේ සියලුම සටන් සගයන්ට ජයවේවා.
අර අන්තිම ඡායාරූපයේ නිකුහිරා මොකද නිකන් කුලප්පුවෙලා වගේ...
රිෂාඩ්ගෙන් චම්පිකට, ඔන්න මචෝ මම ඔයාව බලන්න ආවා. අමතක කරන්නේ නැතුව මාව බලන්න එන්න ඕනෑ. ජනවාරි මාසේ මම ඇතුළට දැම්මාම...
ආරංචිය නම් පොලිසිය ඇපදීමට විරුද්ධ වුණා කියලා. උගත් විනිසුරුතුමිය එම කරුණ නොසලකා හැර චම්පිකට ඇප දුන්නා කියලා. මෙම කරුණ ඇත්තක් නම්, දැම්මානම් නේද හොඳ...?
ඊළඟ අගමැති හරි ජනාධිපති හරි බිහිවෙමින් පවතී.
දැන් අර අර තොලින් තොල රැව් පිලි රැව් දුන්න අයට සතුට උතුර උතුරා වාන් දමනවා ඇති.
නායකයෝ දඩයමක්ද, නාඩගමක්ද??
යහපාලන ආන්ඩුව ආපු අලුතත් කෙරුවේ ඔය වගේ වැඩනේ. මේ අය කියලත් වෙනසක් නැහැ. බලන් ඉන්න අපිට නම් මේවා එක්තරා විදියක විහිලු.
මමත් මුලදී ඔබ අත්අඩංගුවට ගත්ත එක හරියි කිව්වා. නමුත් අර මෝටර් සයිකල් තරුණයාත් වරදක් කර තිබුන නිසාත්, හදිසියේ මේක ඇදල ගත්තේ පළිගැනීමකට වගේ පෙනුන නිසාත් ඔබ අත් අඩංගුවට ගැනීම වැරදියි කිව්වා. දැන් අපි සත්‍යය හෙළිවෙයි කියන අදහසින් බලා ඉන්නවා. කොහොම වුනත් එක වරදකට රිමාන්ඩ් වෙලා ඇප ලැබිල එලියට එනකොටම ආපහු රිමාන්ඩ් එකටම තල්ලු කරලා දාන්න වටින අපරාධකාරයන් රැසක්ම ඔය සුදු ඇඳුමෙන් සැරසිලා අගේට වැජඹෙන හැටි දැක්කහම ඔබ එලියට ආපු එක ගැන සතුටුයි.
එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අනවබෝධයන් විවේචන පක්ෂය තුළ විසඳගෙන ඉදිරි වසරේ පටන් ගැන්මේ සිට වර්තමාන රජයට විරුද්ධව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රබල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. එයට අවශ්‍ය බරඅවි රජය විසින්ම සපයා ඇත. සියලුදෙනා ඔවුනොවුන්ව විවේචනය කිරීම නවතා නායකයන් පක්ෂයෙන් පන්නා දැමීම් ගැන කතා නවත්වා කැපවීමෙන් ජයග්‍රහණය වෙනුවෙන් වැඩකරන්න.
මේවත් බලන් ගියාම මධුර ජවනිකා වගේ. කලිනුත් මේවා දැකලා තියෙන අය හිනාවෙනවා ඇති...
නඩුව යනකොට බලමු එළියට එන්නේ මොනවාද කියලා.
රට බින්දුවටම දමන මෙවැනි නරුමයින්ට ආරක්ෂාවක් දෙන පොලිසියේ, හමුදාවේ අය ඉවත් වෙන්න ඕනෑ.
ලැබූ ජය සාමකාමිව සමරන්න. අජිත් පී.