(මනෝප්‍රිය ගුණසේකර)
පාඨලී චම්පික රණවක මහතා වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්ත්ව කීපයක් සම්බන්ධයෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යරයාට නියම කළේය.
එලෙස නියම කළේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්වයන් සම්බන්ධයෙන් පාඨලි චම්පක රණවක මහතා ලංකා පෞද්ගලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැනුම් දුන් අවස්ථාවේ මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමි.
COMMENTS
මුන්ට ලෙඩ හැදෙන්නේ නඩුවකට උසාවි යන්න තියනකොට පමණයි.මෙඩිකල් සර්ටිෆිකට් ඉෂු කරන ඩොක්ටර් ටත් නඩු දාන්න ඕනේ
ලේ තැවරුණු පින්වත් උපාසකයන් හට.... ස්වභාව ධර්මයා දෙන්නේ විදවන්නට...... මහජන දේපොළ විනාශකළ බල්ලන්ද..... වැලිගම් යැව්වේ අදුනන්නත් බැරිවෙන්ට ....
මහජන සාපය ලැබුවේ මොන වැඩ්ඩාද........ දෙයියාටද ලැබුනේ ඇඩ්රස් නැති වෙන්න.... එබැවින් පට්ටියේ මන්ද බුද්ධිකයන් 226ද...... පිළිතුර සමානය ස්වභාවධර්මය ලබාදෙන.....
රටයි ජනතාවයි බේරගන්න කියලා එන හුගක් අය නඩුවක් ගැන කීව ගමන්.නවතින්නේ ඉස්පිරිතාලෙ.
හාට් ඇටෑක් හැදෙන්න වගේ හිටි ගමන් වකුගඩු රෝග හැදෙනවා කියලා අදයි ඇහුවේ. ඔය වසවිස ඇති හාල්, එළවළු කාලා...
ඒ කාලේ බැසිල් පුටුවෙන් ආව හැටි මතක් වෙනවා.මෙහෙම වෙලා මදි මෙයාලට.හොරුයි ,මිනීමරුවෝයි නිදහස් කරලා අපිට කරපු නින්දාවටයි රටක් කරපු අපරාධයටයි ගෙවන්න එපැයි
මේවා නම් විහිළු නියෝග!. නීතියට ගිය කල!.
මෙතරම් රෝගී කෙනෙක් කොහොමද මේ රටේ නායකත්වය භාරගන්නේ.?
මෙයාලති විපක්ෂයේ අයට නම් වහාම පරීක්ෂණ කරන්න නියෝග දෙනවා. රාජපක්ෂ කෙනෙක් නම් නැට්ට අස්සේ ගහගන්නවා. දැක්කනේ එක්කෙනෙක් එහෙට මෙහෙට පැන පැන ඉඳලා රටේ නායකයත් වුණු හැටි...
මොහුට හදවත් රෝගයක් නම් හැදෙන් විදිහක් නෑ. එහෙම එකක් නොමැති නිසා. එහෙම නැතිනම් අර තරුණ ළමයාට කිසිම උදව්වක් නොකර ඉන්න පුළුවන්ද?
විත්තිකරු නැතුව නඩුව අහන්න.
මේක සාමාන්‍ය රිය අනතුරක්.බොරු ලොකු කම් නැතුව නඩුවට මුහුණ දුන්නා නම් ඔය කිසි සෙල්ලමක් නෑ