‘‘යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට‘‘  යන ශිර්ෂය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය යොහානි ඉන්දියාවට ගිය අවස්ථාවේ ගත් එකක් නොවන බව දැන් සනාථ වී තිබේ.

මෙය සමාජ මාධ්‍යවලින් උපුටාගත් ඡායාරූපයක් නිසා එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. මෙම ප්‍රමාද දෝෂය ගැන පාඨක ජනතාවට අපේ කනගාටුව පළ කරන්නෙමු.