IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති ඇපල් වෙළෙඳ සැලක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26) පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

 
සිද්ධියෙන්  මියගොස් ඇත්තේ හැටන් - දඹුලවත්තේ පදිංචි කුමාර් ඩික්සන් නැමැති  22 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.
 
මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අඹ වෙළෙඳ සැලක සේවකයකු බවද පොලිසිය පවසයි.
 
මෙම තරුණයාගේ ඇපල් තට්ටුවට යාබද සැකකරුගේ අඹ තට්ටුව තිබී ඇති බවත් ප‍්‍රධාන සැකකරු තරුණයාගෙන් ඇපල් වගයක් ගෙන මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඊයේ (25) බහින් බස්වීමක් හටගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
 
අලුයම 2.15 පමණ ඇපැල් තට්ටුවේ තරුණයා කිසියම් අවශ්‍යතාවයකට එම ස්ථානයට පැමිණි අවස්ථාවේ ප‍්‍රධාන සැකකරු බීර බෝතලයක් කඩා එයින් තරුණයාට ඇණ ඇති බවට තොරතුරු ලැබුණු බවද පොලිසිය පවසයි.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරණයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.



අදහස් (0)

පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site