පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර උසස් පොලිස් නිලධාරියෙකු සිටින බවත් 20 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති බවත් සඳහන් වේ.
පොලිසිය පවසන්නේ පල්ලියේ ඇතුළත සවිකර තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම පිපිරුම සිදුකර ඇති බවයි.
සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරුම සිදුව තිබේ. මෙය ක්වෙටාහි මෙම සතිය තුළ සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරයයි.
තුවාල ලැබූ බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින බව වෛද්‍යවරු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම අදහස් කියන්න තියෙන්නේ එක දෙයයි. මේ හාදයෝ ඉන්න හැමතැනම බෝම්බ, ඝාතන......මේ හැමදෙයක්ම තියනවා. මේ අයට ඕන ලෝකේ අනිත් රටවලුත් ඒ වගේ කරන්න.
ලෝකේ බේරන්නවත්, මිනිස්සු බේරන්නවත් ඒ දෙයියත්, මේ දෙයියත් මොන දෙයියත් කොයි දෙයියත් කොහෙවත් නෑ.. ආගමේ නාමෙන් කියලා අනිත් ආගමේ උන්වයි සත්තුවයි මරන එක විතරයි. ඒවා ඒ අයටම දවසක වෙනවා කියලා හිතන්නෑ. තමන් කරපු දෙය විතරයි අරගෙන යන්න තියෙන්නේ.
දෙවියන්වහන්සේගේ කැමැත්තනේ....