IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාකිස්තානයේ සංචාරයකට ඉම්රාන්ඛාන්ගෙන් ජනපතිට ඇරයුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

පාකිස්තානයේ සංචාරයක නිරතවන්නැයි එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරැයුම් කර ඇත.

පාකිස්තානය අග්‍රාමාත්‍යවරයාගේ එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුට සුබ පැතුම් එක් කළ අතර පසුව දුරකතන ඇමතුමක් දෙමින් දෙරටේ සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ දැක්ම පිළිබඳ විශ්වාසය තබා ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බව සඳහන් කර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකික ජනතාව සාර්ථකත්වය සහ සෞභාග්‍යය ළඟා කරගනු ඇතැයි ද සඳහන් කර ඇත.

ඊට අමතරව විවිධ අංශවලින් දෙරටේ සහයෝගීත්වය සහ ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.  



අදහස් (2)

පාකිස්තානයේ සංචාරයකට ඉම්රාන්ඛාන්ගෙන් ජනපතිට ඇරයුම්

Mahee Wednesday, 20 November 2019 10:13 AM

ඔන්න දැන් ඉතින් කඹේ ඇවිදීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න වෙලාව. කඹේ එහාට මෙහාට පද්දවන තව අය ඉන්නවා. බොහොම පරිස්සමින් නොගියොත් වැටෙන්න පුළුවන්. නිකම් නෙමෙයි අපිවත් එක්කලා.

:       1       0

anuradha melbourne Wednesday, 20 November 2019 11:02 AM

ආයි ඔය හදන්නේ මුසල්මානුවන්ව ගෝඨාභයට සෙට්කරන්න. අහුවෙන්න එපෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site