IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාකිස්තානය ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දමයි

ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමටත් ඉන්දියාව සමඟ තිබෙන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතු තාවකාලිකවක නවතා දැමීමටත් පාකිස්තානය තීරණය කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරුවේ පැවැති එරට ජාතික ආරක්ෂක කමිටු  රැස්වීමේදී එම තීරණ ගෙන තිබේ.

කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ඒකපාර්ශවීය ලෙසත් නීති විරෝධී ලෙසත් තීන්දු තීරණ ගන්නා බවට ද පාකිස්තානය චෝදනා කරයි. 

ඉන්දියාව එරට පාලනය යටතේ කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ පාකිස්තානය ඉහත තීරණ ගෙන තිබේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට අදාළ විශේෂ බලතල ලබා දී තිබූ අතර එම වගන්තිය අහෝසි කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පියවර ගත්තේය. ඉන්දියාව එම තීරණය ගනු ලැබුවේ එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ නියෝග පරිදිය. 

ඉහත තීරණ දෙකට අනුව ඉන්දු පාකිස්තාන ද්විපාර්ශවීය සබඳතා, ගිවිසුම්, වෙළෙඳාම් යනාදිය නැවත සලකා බැලීමටත්, මෙම ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු කිරීමටත් පාකිස්තානය තීරණය කර තිබේ. 

පාකිස්තාන නිදහස් දිනය යෙදී තිබෙන අගෝස්තු 14 වැනිදා කාශ්මීරයට ස්වයං නිර්ණය අයිතිය දිනාගැනීමට සටන් වැදුණු හා දිවි පිදු කාශ්මීර වැසියන් සිහිපත් කිරීමටත් එදින කාශ්මීර ජනතාව වෙනුවෙන් සහයෝගීතා දිනයක් ලෙස නම් කිරීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ. අගෝස්තු 15 වැනිදා ඉන්දියාවට විරෝධය පළ කරමින් ‘අඳුරු දිනයක්’ ලෙස නම් කිරීමට ද එහිදි තවදුරටත් තීරණය කර තිබේ. ඉන්දීය නිදහස් දිනය අගෝස්තු 15 වැනිදාට යෙදී තිබේ. 

055



අදහස් (1)

පාකිස්තානය ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දමයි

ධම්ම Thursday, 08 August 2019 03:10 AM

සුද්දා ඉන්දීය - පාකිස්තාන දේශසීමා සලකුණු කිරීමේදී බෝඩරයේ තුන්කාලක් පැහැදිලිව සටහන් කර ඉතිරි කාල නොවිසඳා ඉතිරිකලේ අනාගත ප්‍රයෝජනය සඳහාය. මේ ඔවුන් එහි ඵල ප්‍රයෝජන ගන්නා කාලයයි.

:       0       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site