
(යොහාන් භාසුර)
ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුවේ සංවිධානයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.
එම සමුළුවට සහභාගී වූ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ ගුරු අරගලයට සහාය පළ කළහ.
මෙම සමුළුවට සමඟි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු සහභාගි වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සහ විජේදාස රාජපක්‍ෂ, සමඟි ජනබලවේයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කථා නායක, සාධාරණ සමාජයක් සංවිධානයේ සභාපති කරූ ජයසූරිය, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතිඥා ගුණරත්න වන්නිනායක මහත්වරු සහභාගි වූහ.
ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුව නියෝජනය කරන ගුරු සංගම් 13 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
මෙම සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වූ සියලුම දේශපාලඥායින් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පැවසුවේ ගුරු - විදුහල්පති වැටුප් අරගලයට සහයෝගය දක්වන බවත්ය.
එහිදී අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ ගුරුවරායට සහ විදුහල්පතිවරයාට නිසිතැන ලබාදෙන ලෙසත් ‘සුබෝධනී’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බවත්ය.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායකහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සර්ව පාක්‍ෂික සමුළුව ගුරු - විදුහල් වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ සංවිධානය කළහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
අනේ මන්දන්නේ නෑ
අනේ හැබෑට මෙතරම් පුජනීය ස්ථානයකදී බණ පදයක් අහන්න වාසනාවක් අපට නැති හැටි.
ලංකාව පිරිහෙමින් තියෙන්නෙ ජනතාව පුද්ගලික වාසි තකා විවිධ පක්ෂ වලට බෙදී සිටීම නිසාය. මේ වනවිට ලියාපදිංචි පක්ෂ සියයක් හෝ ආසන්න ගණනක් ඇත. මේ නිසා දැන්වත් පක්ෂ භේද අතහැර එක්වෙන්න. එක්වෙලා මේ රට ආරක්ෂා කරගෙන සංවර්ධනය කරන්න
අභයාරාමය කියන්නේ දේශපාලන කාර්යාලයක්ද
2015 යහපාලනයක් ගෙනැල්ල මුලු රටම කෑවා. මේ සැරෙ කරන්න යන රංගනය මහ ජනතාව ඉතා ඕනැකමින් බලා සිටියි. මහජනතාව රැවට්ටුව හොදටම ඇති.
හිටපු අධ්‍යාපන ඇමැතිත් ඉන්නේ , මොකද දන්නේ නැහැ ඒ දවස්වල විසඳන්න බැරි වුනේ .දේශපාලනයයි ,අධ්‍යාපනයයි ගෑවුනේ ජවිපෙ අන්තරේ පටන්ගත්තු දා ඉඳල .එතනින් එහාට ලංකාවේ අධ්‍යාපනය ඉවරයි . අපිට පස්සේ ආපු රටවල් අධ්‍යාපනයෙන් රටේ දලදේශීය නිෂ්පාදනයට වටිනාකමක් දෙද්දී.... අපි තවම පාරේ..උද්ගෝෂණ.
අබයාරාමය කියන එකත් වෙනස් කරන්ඩ වෙයි වගේ? බැලුවොත් දේසපාලුවෝ ?
ගුරු - විදුහල් වැටුප් විෂමතාව කතා කිරීමට පෙර සියලු විදුහල්පතිවරු සහ ගුරුවරු සේවයට වාර්තා කරන්න
අර මංගල සමරවීර සජිත්ගේ සහයට ගිහින් ඒ වේදිකාවේ ඉඳන් හාමුදුරු වරුන්ට බැන්නා වගේ වැඩකටද මේ ලෑස්ති වෙන්නේ ?
නිකන් අධ්‍යාපනය ලබපු ගුරුවරු දැන් උගන්නවට වැඩිපුර සල්ලි ඉල්ලා උද්ඝෝෂණය කරනවා .දරුවෝ ඉන්න ගුරු පියවරු මේ ගැන හිතුවොත් නරකද ?
මෙහි සිටින කිසිදු දේශපාලුවෙක් තමන් බලයේ සිටි කාල වකවානුවෙත් මෙම ගැටලුව තිබු බවක් සදහන් නොකර සිටීම අරුමයකි. එමගින් එක් දෙයක් ස්ථිරය. "අපි හරකුන්" බලයේ සිටියා නම් මෙවැනි ගැටළු නැති බවත් දැන් බලයේ ඉන්න "හරකුන්ට" වැඩ බැරි බවත් පෙන්වීමටය. මෙම අදහස් මෙම සමුළුවට සහබාගිවු "සියලුම හරකුන්ට" පුද්ගලිකව කියවීමට හැකි වේවා.......! ! ! "මෙවන් වංක දේශපාලුවන් අපගේ මාතෘබුමියෙන් සදහටම මකබෑ වේවා......"
මෙම සමුළුවට සහබාගිවු සියලුම දේශපාලුවන්ට අප මෙසේ කීමට කැමැත්තෙමු. තමන් දියවනාව පට්ටියට යන පළමු අවස්ථාවේදීම පහත සදහන් යෝජනාව ඉතා ඉක්මනින් සම්මතකර නීතිගත කර ආයතන සංග්‍රහයට ඉක්මනින්ම ඇතුලත් කිරීමට කටයුතු සලස්වන ලෙසය. එම යෝජනවා මෙසේය. "ඕනෑම රජයේ සේවකයකුට ඕනෑම අවස්ථාවක වැඩවර්ජන කිරීමේ අයිතියක් සම්පුර්ණයෙන් ඇති නමුත් වැඩවර්ජන කරන කරන කාලවලට අදාළ කිසිදු වැටුපකට, දිමනාවකට රජයේ සේවකයන්ට කිසිදු අයිතිවාසි කමක් නැති බැවින් එසේ ගෙවීම් නොකරන බවට." මෙමගින් රටේ දියුණුව අදාළ කරන අනවශ්‍ය වැඩවර්ජන සියල්ලටම පිළිතුරු ලැබෙනු බව නියතය. තමන් උපන් රටේ දියුණුවට අකමැති දේශපාලුවන් මෙම යෝජනාවට එක හෙලා විරුද්ධ වනු නියතය. මෙම අදහස් දියවනාව පට්ටියේ හරකුන් 226 දෙනාටම කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේව...... අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා..........
සහරාන්ට කෝල් එකක් දෙන්න හොදම වෙලාව...
හොදයි උදව් ගත්තට සටනට , හැබැයි ඔය සෙට් එකම තමයි මේ රට මෙි හොර කල්ලියට බාර දෙන්න හුගක් දර දිය ඇද්දෙ.
තමන් බලයේ ඉන්න කාලෙ දැක්කෙවත් නැති ප්‍රශ්නයකට හිත උණුවෙලා දෙකොනින් ගලන්න අරගෙන. මේ හැම කෙනෙක්ම කරන්නෙ පෞද්ගලික දේශපාලනයක් . කට්ටියටම හොඳ කොනක් අහුවෙලා. රටම කාබාසිනියා කරලා දාන්න තමයි දත නියවන්නෙ
මේ පින්තුරේ බැලුවහම රට බල්ලට ගියේ ඇයි කියලා හොඳින්ම පේනවා
මොකද අභයාරාමයේද කෙරුමා ඉන්නේ?
හෙද නෝන ට කරන්න බැරි දෙයක් නැහැ කියල රජයට පෙන්වන්වන්න හදන්නෙ.. දානෙ කාලා පන්සලට වෙලා ඉන්නෙ නැතිව..
අබයාරාමයත් දැන් ප්‍රශ්න විසදන තැනක් වෙලා
මට පොඩි මතකයක් තියෙනවා හරියටම මතක නැහැ... කලකට පෙර ගුරු වැටුප් ගැටලු විසඳන්න විශාල මුදලක් පළාත් සභා වලට එවා තිබුණා කියලා නමුත් බලධාරින් ඒවාට සැලකිලිමත් නොවූ නිසා මුදල් ආපසු ගොස් ඇත්නම් ඒකට වගකිවයුතු අය සොයා බලන්න.