IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘පක්ෂ භේදයකින් තොරව සංඝරත්නය පෙරට වඩිනවා’

(නිමල කොඩිතුවක්කු)
          
නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට සහාය දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාට, පක්ෂ භේදයකින් තොරව ඉදිරි මැතිවරණවලදී පරාජය කිරීමට මහා සංඝ රත්නය පෙරට වඩින බව පැවිදි සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ.

රටට වින කටින සියලු පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලු දෙනා කැපවිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී අද (10)  පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව  පැවැසූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද කීහ.

‘‘අතීතයේ සිට රටට අහිතකර ව්‍යවස්ථා අණ පනත්  ඉදිරිප්වූ  සෑම අවස්ථාවකදීම මහා සංඝරත්නය ඉදිරිපත් වී ඒවා පරාජයට පත් කළා. දැන් යළිත් එක්සත් ජාතික රජය මේ රට විනාශය කරා ගෙන යමින් තිබෙනවා.

නැවත වරක් මේ රට කෑලි කෑලි වලට කඩලා එක්තරා පිරිසකගේ අභිමතාර්ථයන් ඉටුකිරිමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වනවා. විදේශීය කුමන්ත‍්‍රණකරුවන්ගේ සහාය ඇතිව මේ පිරිස යළිත් රට බෙදන්න පිඹුරු පත් සකස් කරමින් සිටිනවා.

රට බෙදන මේ ව්‍යවස්ථාව සම්මත කිරිමට කවුරු හරි අත ඉස්සුවොත් ගෙයින් ගෙට ගිහින් මහජනතාව දැනුවත් කර එම පිරිස පරාජය කිරීමට මහා සංඝ රත්නය විදියට අපි කටයුතු කරනවා. අපි ඔවුන් නැවත වාරයක් පාර්ලිමේන්තුවට නොඑන විදියේ  දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා.

ජනතාවටත් අපි  කියනවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න කියළා. ඒ වගේම අපි ගෙනියන මේ වැඩපිළිවෙළ සමඟ එකතු වන ලෙසට මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයටත් අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදි පැවැසූහ.



අදහස් (0)

‘පක්ෂ භේදයකින් තොරව සංඝරත්නය පෙරට වඩිනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site