IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
 
දුප්පතුන්ට ආධාර පිණිස යැයි සඳහන් කරමින්, නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩුකිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, එම චක්‍රලේඛය අවලංගු කොට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා ගුරු සංගමය මෙම පෙත්සම ගොනු කර තිබිණි.
 
පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන නොවැම්බර් 4වැනිදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නැගනෙහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම මෙදිනට කල් තැබිණි.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
ලංකා ගුරු සංගමය, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු,  එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, ගුරු වැටුප් කප්පාදුවට ලක්වූ නැගෙනහිර පලාත් ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් යන මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.එම් මන්සූර්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී.පී.වනිගසිංහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

නීතීඥ ජගත් නානායක්කාර මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
 
ඉකුත් මාර්තු 31 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා. විසින් නැගෙනහිර පලාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සදහන් චක්‍රලේඛයක්  පළාතේ ගුරුවන්ට නිකුත් කරනු ලැබ ඇත.ඒ යටතේ අප්‍රේල් මාසය සදහා දිනක වැටුපක් කපා හැර ඇත.
 
 ඒ අනුව 4 වැනි පෙත්සම්කාර පොන්නතුරෙයි උදයරූබන් නැමැත්තාගේ මාසික වැටුපෙන් රුපියල් 1174.82 ක මුදලක්ද නොදන්වා කපා හැර ඇති බව දැන ගන්නට ලැබිණි.මීට අමතරව තවත් ගුරුවරු පිරිසක් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සංගමයට පැමිණිලි කර ඇත.මෙසේ ගුරු වැටුපෙන් මුදල් කපා හැරීම මූලික අයිතිවාසිකම් කඩ වීමකි.
 
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කල ගුරු වැටුප් කප්පාදු කරන චක්‍රලේඛය  ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site