(ජයන්ත සමරකෝන්)
රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරුකර යවා ඇතැයි බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග කියයි.
ඉකුත් ඔක්තෝම්බර් මස 17 වැනිදා රිමාන්ඩ් කළ ඒ මහතා පසුව බන්ධනාගාර රෝහලට ඇතුළු කර එහිදී කොළඹ ජාතික රෝහලේ පැවැති සායනයකට රැගෙන ගොස් අනතුරුව ‘මර්චන්ට් වාට්ටුවට මාරු කර ඇතැයි පැවසේ.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි.
COMMENTS
අරුන් එනවා... නඩු දානවා... මොවුන් එනවා... නඩුවලින් නිදොස්කොට නිදහස්... මොවුන් නැවතත් විපක්ෂයට යනවා... අහෝ ශ්‍රී ලංකා දේශපාලනය...!!!
ඊ ළඟට මාරුවෙන්නේ කොහාටද කියලා මට නම් හිතා ගන්න පුළුවනි.
හයිකාරයෝ, ලොක්කෝ හැමෝම හරි ලෙඩ්ඩුනේ. පොඩ්ඩක් ඇත්නම් හොස්පිටල්නේ. ලංකාවේ හයිය, හක්තිය ඇති නායකයෝ නැහැනේ. ෂුවර් මේවා නම් ඇමෙරිකන් කුමන්ත්‍රණ වෙන්න ඕන.
තව ටික දවසකින් ගෙදර යන්න ලැබෙයි... බය වෙන්න එපා.
පුදුම රටක් . රටේ ධනය මංකොල්ල කාපු හොර තක්කඩි හිරේ ගියත් නීතිය නවල සැප විඳිනවා . මෙයා දේශ දීපන්කරේ රස්තියාදු ගහන කොට කිසි ලෙඩක් තිබුන එකෙක්ද ? මෙයාට දැන් රෝද පුටුව නැතුව ඇවිද ගන්නත් බැහැ
අර වොයිස් කට් දෙන හාමුදුරුවරු තාම මේ ගැන මොකුත් කිව්වේ නැත්තේ මෙයා ඒ පැත්තේ ද?
ඇයි ගෙදරම යවන්නේ නැත්තේ? මෙයා වත්මන් ජනාධිපතිතුමාගේ හොඳම යාලුවෙක් නේද?
මේ අය එලියේ ඉන්නකං සූර වීර ඇතුලට ගියාම ලෙඩ වාට්ටු. ඔන්න දැන් තමයි ඡන්ද ප්‍රතිඵල හරියටම ලැබෙන්නේ!
අපරාදෙ ලංකාවට විදේශ විනිමයක් ලැබුන ව්‍යාපාරයක් දැං ඉන්දියාවද කොහෙද අත්පත් කරගෙන. කොහොම උනත් විනිවිද භාවයකින් ආයෙ අරබන්න..
69 ලක්ෂයකගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුබ ලකුණු.... ජයවේවා.!!!
එකෙන් එක .... ඔන්න එනවා .....