
( රංජන් කස්තුරි )
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන ලෙස ඉල්ලා විදුලි ඉංජිනේරුවෝ පිරිසක් අද ( 18) ලංවිම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ලංවිම සභාපතිවරයා නීති විරෝධි කටයුතුවල නිරතවන බව කියමින් හා වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම පිළිගත නොහැකි බව කියමින් ඉංජිනේරුවෝ එම විරෝධතාවේ නිරත වූහ.
ලංවීම ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තාකර සේවයට නොපැමිණි අතර කොලඹ ලංවිම මූලස්ථාන ඉදිරිපිටට පැමිණ එම විරෝධතාවේ නිරත වූහ.
විවිධ වැකි ලියු බැ බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙම විරෝධතාවේ නියැලුණහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd