IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ’

(ඩයනා උදයංගනී)

       

ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම කල්දමමින් සිටින එක්සත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී ගොඩනගන නව සන්ධානයේ කටයුතු සඳහා ද බාධා කරමින් සිටින බව මන්ත‍්‍රීවරයා කීවේය.

‘මලඉලව් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නිසා පක්‍ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා’ යැයි ද සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.

තමන්ට එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව ප‍්‍රකාශ කළ නිසා බව කී සරත් ෆොන්සේකා මහතා තමන් එම තීරණය අනුමත නොකරන නමුත් එය ඉල්ලාගෙන පස්සෙන් නොයන බව ද සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

නාමිකව, ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා වුවත් ප‍්‍රායෝගික නායකයා වන්නේ ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා හා සන්ධාන නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින ඇතැමුන් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී නැති, පාක්‍ෂිකයින් දෙදෙනෙකු හෝ ඒකරාශී කරගැනීමට නොහැකි අය බව කී මන්ත‍්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිතවතුන් පත්කර ගැනීමෙන් පක්‍ෂයට ප‍්‍රයෝජනයක් වන්නේ නැතැයි ද කීවේය.

ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛව ගොඩනගන නව සන්ධානය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

 

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (16)

‘නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ’

P. Ilangaratne Friday, 07 February 2020 11:55 AM

ගම්පහ තමයි හොඳම... පබා, චතුර සහ මර්වින් දින්නෙත් ගම්පහින් තමයි.

:       291       244

BamunuarachchiSaturday, 08 February 2020 06:34 PM

කිසිම පක්ෂයක් සමග හෝ කිසිම දේශපාලන පක්ෂ නායකයකු සමග එකට සිටීමට නොහැකි දේශපාලකයන් දෙදෙනෙක් වර්තමාන දේශපාලනයේ සිටි. මොවුන් දෙදෙනා නම් සරත් ෆොන්සේකා සහ විජේදාස රාජපක්ෂය. මොවුන් දෙදෙනාම සිටින්නේ ඔවුන් පිළිබද අදි තක්සේරුවක නිසා කිසිම තැනක වැඩි දවසක් සිටින්නට බැරිය බමුණුආරච්ච්......

:       3       0

BamunuarachchiSunday, 09 February 2020 11:28 AM

සරත් ෆොන්සේකා සහ විජේදාස රාජපක්ෂ. ඔය දෙදෙනාම හිතට එකඟව කතා කරනවා. එකතැන ඉන්න බැරි එක වෙනම කතාවක්. විජේදාස රාජපක්ෂ මහතා මගේ ප්‍රදේශයෙන් ඉල්ලුවොත් මම එජාප විරෝධි වුණත් ඔහුට මගේ ඡන්දය දෙනවා.

:       0       2

Hafeel Friday, 07 February 2020 12:10 PM

ඔබතුමාට රනිල් ගැන තේරුනේ ප්‍රමාදවෙලා. රනිල් ඔබව ජාතික ලැයිස්තුවෙන් ගත්තේ රාජපක්ෂලාට ගහන්න මිස ඔබතුමාගෙන් රටට අවශ්‍ය ප්‍රයෝජන ගන්න නොවේ. නමුත් රනිල් රාජපක්ෂලාව සුරතල් කරමින් විනෝද වෙනවා. එ්ක ඔබට තේරුනේ ප්‍රමාද වෙලා. රනිල්ට ඔබගෙන් රටට ප්‍රයෝජන ගන්න ඕනේ නම්, ඔබව එදා ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න තිබුනේ ආරක්ෂක සහ පොලීසිය බාරඇමති ධුරයට... නමුත් ඔබව නිර්දේශ කලේ ඔබට කිසිසේත්ම නොගැලපෙන ග්‍රාමිය සංවර්ධන ඇමති ධුරයට... මෛත්‍රී ආරක්ෂක සහ පොලීසිය බාර ඇමති ධුරයෙන් ඔබව ප්‍රතික්ෂේප කලේ ඔක්තෝබර් ආණ්ඩු පෙරළියෙන් පසුවයි...

:       298       372

nimal Friday, 07 February 2020 12:30 PM

ඔබගේ කුහකකම් වලට දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවා.. අපි ඔබට අාදරේ කළ නමුත් ඔබගේ දේශපාලන ක්‍රමය හරි මගට ගන්න මිනිසුන් සමග ඇති වෛරය අඩුකර ගන්න ඔබ රටට වටිනා පුද්ගලයෙක්...

:       323       337

WijebahuFriday, 07 February 2020 01:29 PM

ඇත්ත කතාකිරීම කුහකකමක් නෙවෙයි සහෝදරයා. රාජපක්ෂලාට කඩේ නොයාමත් කුහකකම නෙවෙයි.

:       410       516

මුණසිංහSaturday, 08 February 2020 01:09 AM

නෑ මෙයා කුහකයි තමයි. මෙයාට හමුදාපතිකම දෙනවාට රනිල්-මහින්ද ඇතුලු කිසිවෙක් කැමති වුනේ නැහැ. නමුත් ගෝඨාභය තරයේම කිව්වා මෙයා තමා වැඩේට සුදුස්සා කියලා. ඒ නිසා තමයි මෙයාට හමුදාපතිකම ලැබුනේ. ඒ වගේම ගෝඨා කියපු විදියටම කාරණයත් ඉටු වුණා. අමතක කරන්න එපා එජාපය හමුදාපතිට ඒ කාලේ සලකපු විදිය. පාමංකඩ කතා මතක ඇතිනේ? හැබැයි එයා ඔප්පු කරලා තියෙනවා. ගිය ඡන්දෙදීත් පෙන්නලා දීලා තියෙනවා එයා හමුදාවට සුදුසු වුණාට දේශපාලනයට සුදුසු නැහැ කියලා. අදටත් තියෙන්නේ නැගපු ඉනිමගට පයින් ගහන ප්‍රතිපත්තිය... එ්කයි කුහකයි කියන්නේ.

:       206       259

BernardFriday, 07 February 2020 01:59 PM

මේ සෙන්පතියා දිහා පාට කණ්නාඩි වලින් බලන්න එපා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට කරන්න ඉඩ තියන්නේ නැහැයි කියපු නායකයා. කෙළින් කතා කරන නායකයෙක්...

:       451       465

Wimalg Friday, 07 February 2020 02:02 PM

ගම්පහින් ඉල්ලලා දිනන්න පුළුවන්ද? ගියපාර ගත්තේ ඡන්ද 4000 ගණනක් නේද?

:       403       334

ධම්ම Friday, 07 February 2020 02:27 PM

කෝපි කඩේට ගැලපෙන තවත් චරිතයක්...

:       49       248

SamanFriday, 07 February 2020 10:08 PM

කෝපිකඩේට අපහාස කරන්න එපා. නමුත් කන්න දීපු අත හපාකන එක ගැන නම් කප්ගහලා තමයි. පහුගිය කාලයේ රනිල්ගේ මීටින්වලදී සජිත්ට වැඩ බැරිකම ගැන පතුරු යන්න දුන්නා. නීතිය හා සාමය ඇමතිකම දෙනවා කිව්ව ගමන් සජිත්ගේ පැත්ත අරන් රනිල්ට ගරහනවා. දැන්නම් හිතෙනවා ප්‍රභාකරන් කිව්වා නම් මොනවා හරි උඩ තනතුරක් දෙන්නම් කියලා මොනවා වේවිද කියලා..?

:       74       63

සමන්ත Friday, 07 February 2020 03:18 PM

පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕනේ. නායකත්වයට සහ පක්ෂ ව්‍යුහයට ගරු කරන්න ඕනේ. ෆොන්සේකා සජිත් එක්ක එකතුවෙලා හදන්නේ මේ ඒ පක්ෂ ව්‍යුහයට පහර දීලා විනාශ කරන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක්. එ්කේ අරෙහෙන්, මෙහෙන්, කනින්, කොනින් ඇදලා මැතිවරණ දිනන්න බැහැ. එ්කට පාක්ෂිකයන් කැමතිත් නැහැ. නායකත්වය වෙනස් කරන්න ඕනේ නම් ඒ සඳහා ජනමතයක් ගොඩ නගන්න ඕනේ. ඒ නැතුව තැන තැන විවේචනය කරලා නිකම් ඇනගන්න හදන්න එපා. ජනතාව එ්කට කැමති නැහැ. ඔය මොන සෙල්ලම් දැම්මත් මිනිස්සු කවුරුත් රනිල්ට අකමැති වුණත් ඔය වැඩ වලටවත් සජිත්ට පක්ෂේ යනවටවත් කැමති නැහැ. මෙතන කුල ප්‍රශ්නයක් තියෙන්නේ...

:       0       15

kamal Friday, 07 February 2020 10:22 PM

යුද්දෙට දක්ෂයි, දේශපාලනේට අදක්ෂයි.

:       0       61

Rajah Saturday, 08 February 2020 12:39 PM

දේශපාලනයට දක්ෂයිද? අදක්ෂයිද? යන එක තීරණය වෙන්නේ.. හොරකම් කළොත්ද..?

:       26       59

kamalSaturday, 08 February 2020 10:38 PM

දේශපාලනයට අදක්ෂ වෙලා තියෙන්නේ විවිධාකාර අදහස් දරන පුද්ගලයින් ඒකරාශී කරගෙන එක අරමුණක් කරා ගෙනයන්නට හැකි නායකත්වයක් දෙන්නට බැරි වීම නිසයි. මිනිසුන් විරසක කරවන තමන්ගේ අදහසට විරුද්ධවන අයට ගරහන, උද්වේගකාරී ලෙස හැසිරෙන, සුදුසු නුසුදුසු තැන නොබලා කට අරින, තමන්ට සුදුසු නුසුදුසු කම නොලබා දෙන ඕන පදවියක් (කටු ලෙවකම) ගැනීමට සැරසී සිටීම, ගුණ නැණ බෙලෙන් නැති පුතෙක් වීම නිසයි.

:       0       2

sampath Tuesday, 11 February 2020 12:06 PM

ගම්පහින් එන්න විශේෂ හේතුවක් තියේද මන්දා, දකුණෙන් එන්නී නැතිව ඇයි ගම්පහින් එන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 618 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 574 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1593 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 210 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 284 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 215 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 41 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site