IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22කට අනුමැතිය

( තිළිණි ද සිල්වා )

කොවිඩ් වසංගතය පැවතියදීත් මේ වසරේ මුල් මාසය නවය තුළ දී රජය රුපියල් කෝටි 1882 ක් වටිනාකමක් ඇති නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22 ක් අනුමත කර ඇතැයි සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය.

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 09 තුළ ඉදිරිපත් වූ රුපියල් කෝටි 2044 කට වැඩි වටිනාකමක් ඇති සංචාරක ආයෝජන ව්‍යාපෘති 33 ක්  අනුමැතිය සදහා ඉදිරිපත් වූ අතර ඒ අතරින් මෙම නව සංචාරක ව්‍යාපෘති සදහා අනුමැතිය දුන් බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

ඒ අනුව විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දිය යට කලාගාර වැනි ආයෝජන සදහා අනුමැතිය ලබා දි තිබේ. ආගමික, සංස්කෘතික ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ආයුර්වේද යන ක්ෂේත්‍ර වලට අදාළ ව මෙම නව සංචාරක  යෝජනා ඉදිරිපත් වූ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

කොවිඩ් වසංගතය අතරතුරේ වුවද ශ්‍රී ලංකාවේ  සංචාරක ආයෝජනය සදහා යෝජනා ඉදිරිපත් විම ඉතා හොද ප්‍රවණතාවයක් යැයි අමාත්‍යවරයා පෙන්වා දේ.

ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇති ආයෝජන සබදතා ඒකකයෙන්  සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදිම කඩිනම් කිරීම සදහා කටයුතු කරන අතර, ඒ අනුව  ඊට අදාළ රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරිමට ද කටයුතු කෙරුණු බවද හෙතෙම කීය.

සංචාරක ආයොජනයන්හි දි පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘතීන් පිළිබද රජය වැඩි අවධානයක් යොමු කරන බවද කී සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලබන වසර වනවිට මෙරටට ඉදිරිපත් වන සංචාරක ආයෝජන සංඛ්‍යාව මීට වඩා  වැඩිවනු ඇති බවය.

කොවිඩ් හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය. 



අදහස් (1)

නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22කට අනුමැතිය

ගමේ එකාලා Monday, 18 October 2021 03:21 PM

කටින් බතල හිටවනවා.. හීන ලෝකෙක වෙන්ඩැ ඉන්නේ.සංචාරකයෝ ගැන කයිවාරු ගැහැව්වාට ආපු ඇමරිකන් කාරයත් ආපහු යන්ඩ ගියා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 35 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site