(ඉන්දිකා රාමනායක)
 
නව වසර උදාවීමත් සමග ඊයේ (31) දින රාති‍්‍රයේ සිට  අද (1) පෙරවරුව  දක්වා විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබු  පුද්ගලයන් 111 දෙනෙකු  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට  ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
රෝහල් ගත කළ 111 ක පිරිසෙන්  56 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
ගිනිකෙළි අනතුරු වලින් 03 දෙනෙකු, (පසුගිය වසරේ 19 ක්),  මාර්ග අනතුරු  වලින්  24 දෙනෙකු,  නිවසේ අනතුරු වලින්  11 දෙනෙකු,   සේවස්ථාන අනතුරුවලින්  9 දෙනෙකු,  පහරදීම් ඇතුලූ හිංසන කි‍්‍රයාවලින් 21 දෙනෙකු,   ඉහළින් වැටීමෙන් සහ  ලිස්ස වැටීමෙන් 33 දෙනෙකු, වෙනත් අනතුරු වලින්   10 දෙනකු වශයෙන්  මෙම පිරිස රෝහලට ඇතුළත් කර ඇති බවද  රෝහල් ආරංචි මාර්ග කියයි.
 
2020  වසර හා සැසදීමේ දී මෙවර අනතුරුවල 50% ක අඩුවක් දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.