(රන්ජන් කස්තුරි)
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබේ.
මීට ඉහතදී එනම් 2016 වසරේ මාර්තු මස 3 වැනිදා ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ ජාතික වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මේ මස 24 වැනිදින සිට අහෝසි කරන අතර නව කොමිෂන් සභාව මේ මස 25 වැනිදින සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයකින් විධානය කර තිබේ.
නව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්.රඝුග්ගේ මහතා පත්කර තිබෙන අතර කොමිසමේ ලේකම්වරයා ලෙස අනුර ජයවික්‍රම මහතා පත්කර තිබේ.
එම කොමිසමේ සෙසු සමාජිකයින් ගණන 12 වන අතර එම සමාජිකයින් වන්නේ සී.පී සිරිවර්ධන,දමිතා ද සොයිසා,ලලිත් කන්නන්ගර,ජනක සුගතදාස ,චිත්‍රාංගනී වාගිස්වර,චිත්‍රණි සේනාරත්න,කිංස්ලි ප්‍රනාන්දු,ජී.එස් එදිරිසිංහ,එම්.සී වික්‍රමසේකර,වෛද්‍ය පාලිත අබේකෝන්,ඩී.අබේසූරිය සහ ලෙස්ලි ෂෙල්ටන් දේවේද්‍ර යන මහත්ම මහත්මීහූය.
COMMENTS
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප්, ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම මෙන්ම වැටුප් වැඩිකිරීම් වලදී සෑමදෙනාටම එකම ප්‍රමාණයක වැටුප් වැඩිකිරීමක් නොව ලෝකයේ දියුණු රටවල මෙන් සේවකයාගේ දක්ෂතාවය මත, වැඩකරන ප්‍රමාණය මත වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් ස්ථාපිත වියයුතුය. නොඑසේනම් කැපවීමෙන් සේවය කරන කීපදෙනාටත් වැඩනොකරන බහුතරයටත් සමාන වැටුප් වැඩිවීම නොකළ යුතුය. සේවකයාගේ දක්ෂතාවය "review" කර අනුව පඩිවැඩි කළයුතුය. ලංකාවේ පය අටෙන් පැය කීයක් ඔවුන් ගන්න පඩියට කැපවීමෙන් වැඩ කරනවද දන්නේ ඔවුන්ම පමණි. නමුත් නියමාකාරයෙන් කැපවීමකින් "තොරව" සේවාස්ථානයේ සේවයේ යෙදෙන සෑමදෙනාම ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා නම් ඉතාම කැපවීමෙන් රටේ අන් සියලුදෙනාටම හිසරදයක් වී පෙළපාලි සහ පාරවල් අවහිර කොට සටන් දියත් කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තිබේ.
මෙය ජනාධිපතිගේ තවත් කාලේ කන කොමිසම්වලින් එකක්. වාර්තා කුණු කූඩෙට දාලා ආයෙත් තව එකක් පත් කරයි.
හන්බ වෙන එකට මොනවා කරත් හන්බ වෙනවා. දියුණුයි කියන රටවල විෂමතාවයන් කියලා ඉවරයක් කරන්න බැරිතරම්. ඉන්න තැන සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණොත් හොඳයි. දෙන එකා පොඩ්ඩ හන්බ කරත් දෙනවා. දෙන්නැති එකා මහා පරිමාණයෙන් හන්බ කරත් කේවල් කර එකයි කරන්නේ. ලංකාව ඉන්දියාව, ඇමරිකාව, වැනි රටවල් අනුකරණය කරනවා වැඩියි. එම රටවල් විශාල රටවල්, ඒවායේ පරිපාලනය ලංකාව වගේ කුඩා රටකට හරියන්නේ නැහැ. මොන ප්‍රතිපත්තිය ගෙනාවත් ගමේ එ්කා කරන්නේ ගමේ එකාට ඕනේ විදයට. උතුරේ එවුන් කරන්නේ ඒ ගොල්ලන්ට ඕනේ දේවල්...
නිකම් පුටු රත් කරනවාට සහ රාජකාරි පැහැර හැරීම් වලට රාජ්‍ය අංශයේ පඩි ගෙවන රටේ මේවා විහිලු. සෑම සේවකයකුගේම කාර්යක්ෂමතාව මැන බලන නිර්ණායක ආයතන වල ස්ථාපිත කොට පලදායිතාවයක් නැති ආයතන ගැන සොයා බලන්න. උදේ රාත්‍රී සති අන්ත නොබලා, පණ දමා ගෙන වැඩ කරන පුද්ගලික අංශයට විතරක් බදු බර පටවා මේ රට ගොඩ ගන්න බැහැ. පඩි පමණක් ඇති වැඩ නැති රාජ්‍ය අංශය රැකියා සරණාගත කඳවුර වගේ සේවක අතිරික්ත. උපාධිදාරින්ට රැකියා දෙනවා කියමින් ඉංග්‍රීසි ගුරුවරයාව සමාජ අධ්‍යනය උගන්වන්න දමනවා. කලා උපාධිදාරියාව ව්‍යාපෘති නිලධාරි කරනවා. තනතුරට අදාළ වෘත්තීය කුසලතා ගැන අවබෝධයක් නැතිව පඩියේ අගමුල සොයන එක විහිළුවක්.
මොකද කලින් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක නොකර තව එකක් පත් කරේ කලේ කන්නම තමයි මේවා