IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නව මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)

පෑලියගොඩ නගරයේ ඉදිකරමින් පවතින නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

කොළඹ නගරයේ තිබෙන තොග සහ සිල්ලර එළවළු වෙළඳ සැල් පෑලියගොඩ නගරයේ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඉකුත් මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී එවකට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කළේය.

ඉඩම් අක්කර 15 පුරා විහිදෙන මෙම වෙළඳ සංකීර්ණයේ මූලික සැලසුම් 2016 වසරේදී ආරම්භ කළ අතර එහි වෙළඳ සැල් 1142 ක් ස්ථාපිත කිරීමට නියමිත අතර රථගාලක් , විවේකාගාරයක්, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු හා ආපනශාලා ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත වේ.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතියේ සියළු ඉදිකිරීම් කටයුතු හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ මධ්‍යම උපදේශන කාර්යංශයේ ඉංජිනේරුවරුන් හා වාස්තු විද්‍යාඥයන් සිදුකරනු ලබයි.

 

 



අදහස් (2)

නව මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

lankasri Monday, 06 January 2020 05:33 PM

ඒ අක්කර 15 ටත් දෙය්යන්ගේම පිහිටයි. සුද්ද කරලා ඉවර වේල මොකද කරන්නේ කියල බලාගෙන ඉන්නකෝ.

:       76       2

Hemantha Tuesday, 07 January 2020 05:31 AM

ඒකට තියෙන නමම හොදයි නේද? අර වරායට, ගුවන්තොටුපලට, ක්‍රිකෙට් පිට්ටනි වලට දමපු දිග නමනම් නොදැම්මට කමක් නැහැ. වෙන මොකුත් නිසා නෙමේ, දිග වැඩී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site