(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිට ගුවනින් එවිය නොහැකි වූ පාර්සල් 42,000ක පමණ තොගයක් නැව් මගින් මෙරටට ලැබී ඇතත් ඒවායේ ලිපින මැකී යාම හේතුවෙන් හිමිකරුවන් වෙත යැවීමට නොහැකි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ගුවන් මගින් එවීමට භාරදී තිබූ මෙම පාර්සල් තොගය පසුගිය කාලයේ ගුවන් තොටුපල වසා තිබීම නිසා කන්ටේනරයක බහා නෞකාවකින් මැලේසියාවේ සිට මෙරටට එවා ඇති බවත්, මුහුදෙන් රැගෙන එනවිට ඒවායේ ලිපින මැකී ගොස් ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
චීනය ඇතුළු රටවලින් එවූ පාර්සල් මෙම තොගයේ ඇතුළත්ව තිබෙන බවත්, හැකිනම් ඒවායේ රහස්‍ය අංක බලා යැවිය යුතු ලිපින තෝරාදෙන ලෙස එම රටවලට දැනුම් දී ඇති බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
එසේ නොලැබුණහොත් ඒවා නැවත එවූ රටවලටම යවා ගැටලුව විසඳාගැනීමට සිදුවන බව ද ඇමතිවරයා පැවසීය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම තත්ත්වය නිසා විදේශවලින් ලැබුණු භාණ්ඩ නැති කර ඇති බවට තැපැල් දෙපාර්තමේන්තුවට චෝදනාවක් ද එල්ල වන බව කී අමාත්‍යවරයා එසේ චෝදනා කිරීම අසාධාරණ බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල සිට ලැබෙන පාර්සල් ගුවන් තොටුපළේදී හා වරායේදී සේවකයන් විසින් කුණු මාළු සේ අල්ලා විසිකිරීම නිසා එම පාර්සල් කරුවන්ට විඳීමට ලැබෙනා කරදර බොහෝය. මෙවන් නිලධාරීන් සොයා ඔවුන්ට දඬුවම් කළ යුතුයි. මෙය තැපැල් අංශ වලදීද සිදුවෙන දෙයකි. මුලින්ම මේ මිනිසුන්ට තමන්ගේ වෘත්තියට ගරුකිරීමට පුහුණුකළ යුතුයි.
ඔබම භාණ්ඩ යවන සමාගමක් ලිපිනය, දුකථන අංකය ඇතුළු විස්තර පත්‍රිකාව ජලය කාන්දු නොවන ප්ලාස්ටික් ඇසුරුමක බහා නැවත අලවන්න. ඊට අමතරව සෑම භාණ්ඩයකටම බාර් කෝඩ් එකක් යොදනවා. මෙයා හිතන් ඉන්නේ මිනිස්සු තමයි එන්නේ ගල් යුගයේ කියලා...
සියලුම ශ්‍රී ලාංකික ජනතාව, මම නැව් කර්මාන්තයේ අවුරුදු 20 කට වැඩි කාලයක් සේවය කළෙමි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර තවමත් එකම කර්මාන්තයේ වැඩ කරයි. සියලුම බහාලුම් 100% ජලයට ඔරොත්තු දෙන අතර එය මුහුදට වැටෙන තුරු එය හානිවිය හැකි නමුත් එය ඉතා රළු තත්වයකි. විශේෂයෙන් සියලුම තැපැල් සහ පැකේජ බහාලුම් අනෙක් ඒවාට වඩා ආරක්ෂිතයි. මෙය සැබවින්ම විකාර සහ ව්‍යාජ ය. මේ ආකාරයේ මෝඩ කතා විශ්වාස කරන අයට මට ඇත්තෙන්ම දුකක් දැනේ. තවමත් මම ශ්‍රී ලංකාවට ආදරෙයි.
කොහොමත් ඕකේ ඉන්නේ පට්ට හොරු... මගෙ කීයක් හොරකම් කරලා තියෙනවද? ට්‍රැකින් වල තියෙනවා ලංකාවට ආවා කියලා.. ඒත් ආවේ නෑ මම හිතන්නේ මට වැරදිලා ලිපිනය දාලා තියෙන්නේ තැපැලේ ලිපිනය... එකයි එන්නෙ නැත්තේ...
කිව්වොත් කියන්නේ මෝඩ කතාවක් නේද අනේ? ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මෙහෙම නම් ආණ්ඩුව ගැන අපිට හිතාගන්න පුළුවන්...
නැවේ ආවා කියලා පාර්සල් 42000 එකවර ලිපින මැකෙන්නේ කොහොමද? මේ කතාව විශ්වාස කරන්න පුළුවන්ද?
පිට්ටනි බන්දු කිව්වොත් කියන්නේ විහිලු කතා තමා..
ජනපතිතුමනි, මෙයාව දාන බැංකුව හදලා ගන්න. ආර්ථික දැනුම තියෙන කෙනා පාර්සල්වල අකුරු මැකී ඇති බව කියලා මෙයා ආයෙමත් අනාගනී...
මේ කතාව කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිව්වා නම් හරි...
මෙතුමා නොදන්නවා වුණාට මුහුදු තැපෑලෙන් පාර්සල් එවීම නිරන්තරයෙන් සිදු වනවා. කිසිදිනක ඒවායේ නම් ලිපිනයන් මුහුදු වතුරෙන් මැකෙන්නේ නෑ. කැබිනට් තීරණ දැනුම් දීමේදී අඩු ගණනේ සාමාන්‍ය දැනීමවත් තියෙන ඇමතිවරයෙක් සිටිනවා නම් හොඳයි.
මුලින්ම බන්දුල ගුණවර්ධනට දැනගැනීමට යමක් කිව යුතුයි." ඔබ යමක් මහජනතාවට ප්‍රකාශ කිරීමේදී දෙවරක් නොව තුන් වරක්වත් හිතන්න. මොකද වෙනදා වගේම මේ ප්‍රකාශයෙනුත් ඔබ රටේ බුද්ධිමත් ජනතාවට නොමිලේම " විහිළු " සපයා ඇති බැවිනි. මේ බහාලුම් හෙවත් කන්ටේනර් කිසිවක් " දිය කාන්දුනොවන " හෙවත් වෝටර් පෘෘෆ් වර්ගයේ ඒවා නොවෙයි. නමුත් ඒවා සියල්ලම ජලයට ඔරොත්තුදෙන වෝටර් රෙසිස්ටන්ට් වර්ගයේ ඒවායි. මුහුදු ගමනේදී තෙත මුහුදු සුළඟ, දැඩි රශ්මිය, දැඩි ශීතල වැනි දේවල්වලින් භාණ්ඩ ආරක්ෂා කිරීමට "ජලයට ඔරොත්තු දෙන" වර්ගයේ බහාලුම් ඕනෑවටත් වඩා යෝග්‍යයි. මුහුදු තැපැල් භාණ්ඩ මේ කන්ටේනර් වලට දැමීමේදී තවත් ආරක්ෂක ක්‍රමවේදයන් වන වෙනත් ප්ලාස්ටික් බෑගයන් වල අසුරලායි බහාලුමේ තැන්පත් කරන්නේ. ඒ නිසා ඔය කියන හානියක් වෙන්න තිබෙන ඉඩකඩ හරිම අවමයි. නමුත් කවුරුහරි ඔය කියන කන්ටේනර් එක" මුහුදේ ගිල්වා " මිනිත්තු කිහිපයක් තිබුනොත් මුහුදු ජලය ක්‍රමයෙන් ඇතුලට කාන්දු වෙනවා. එ්ත් හරිම හෙමින් මොකද කන්ටේනර් එකේ දොර ඉතාම ශක්තිමත් රබර් " සිල් " එකක් ඇතිවයි වැහෙන්නේ. එහෙමනම් .. කන්ටේනර් එක මුහුදට වැටුනේ කොහොමද.. කොහේදිද?
මේ ඇමැතිතුමා වාණිජ, ගිණුම් අංශයේ උගන්වනවා. කරුණාකර ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඒවා පරීක්ෂා කරලා බලන්න. ඇමැතිතුමා බොහෝවිට ඔප්පු කර තිබෙන්නේ වෘත්තීය නොවන දේවල්මයි.
සවිස්තර කතාවක් ඔය සම්බන්ධව ඇසුවා. ඕවා විශාල පාර්සල් නොවෙයි ග්‍රෑම් 200-300 කුඩා පාර්සල් එකනේ ගුවන් මගින් එව්වේ. ඕවායේ ලිපිනයන් පෑනෙන් ලියපුවා නොවෙයි "තර්මල් පේපර්" වල ලියපුවා මාස ගණනක් නැව්වල මුහුදේ එනවිට වෙන දේශගුණ විපර්යාසවලට ඒවා මැකී යන්න බොහෝවිට ඉඩ තිබෙනවා, ලිපිනයන් තිබුණු පාර්සල් 400 ගණනක් දැනටමත් බෙදා හැර ඇතිබව කීවා. මේවා සමග එන "බාර් කෝඩ්" කියවීමෙන් අදාළ ලිපිනයන් සොයා පාර්සල් බාරදෙන්න උත්සාහ කළබව ප්‍රකාශ කළා. එමනිසා ඔබ මේ ගොබ්බයින්ගේ ගොබ්බ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඉන්නවා නම් හොඳයි.
බමුණු ආරච්චි, ඔබගේ කනේ ප්‍රශ්නයක් තිබෙන බව හොඳටම පෙනෙනවා...ඔය ඇමති කිවේ " ඒවාට වතුර වැදිලා අකුරු මැකිලා "කියලා... මම මේ දැනුත් වීඩියෝ එක බැලුවා. මෙතන කොමෙන්ට්ස් දමන්නේ ඔබගේ බහුබූත වලට නොව ඒ ඇමති කිව්ව මෝඩ කතාවට බව දැනගන්න. ඔබ ගොබ්බයින් කියාගත්තේ ඔබටමයි. දකින දකින දේට කට දාන්න ලජ්ජා නැතිද?