(රන්ජන් කස්තුරි
ලබන වසරේදී නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන එම උපාධි පාඨමාලා දෙක සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන්වා දී ඇති අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් 2018/ 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 100ක් බඳවාගන්නා බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර 2018/ 2019 අධ්‍යයන වර්ෂය සඳහා රට පුරා විශ්වවිද්‍යාලවලට සිසුන් 31158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාණිජ්‍ය වටිනාකම් නැති පාඨමාලා ආරම්භ කර දරුවන්ගේ අනාගතය ඛේධනිය කිරීමක්
2014 දී විශ්ව විද්‍යාලවලට බඳවාගෙන තියෙන්නේ 25000 ක් විතර. 2015 දී 29000 සහ 2016 30000 ක් පමණ. මේ සංඛ්‍යාව 2025 දී 50000 දක්වා වැඩි කරන්න සෑම වසරකම වැඩිපුර 4000ක් බඳවාගතයුතුයි.
ලෝකය ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාවල තියෙන පාඨමලා අධ්‍යනය කරන්න . එය 2050 ගැලපෙන ලෙස සකස් කරන්න. මම ඉන්න රටේ සමහර පාඨමාලා ළමයිට අවුරුදු 22 වෙනකොට එම් එස් සී, එම් බී ඒ, සම්පුර්ණ කරලා ඉවරයි . මෙරට හෝ පිටරට රැකියාවක් ලබාගැනීම ඉතා පහසුයි . ළමයින්ට පාරට බැහැල රැකියා දීපියව් කියන්න ඕනේ නැහැ .
කිසිම තේරුමක් නැති පාඨමාලා වෙනුවට මේ රටේ හරි ලෝකයේ හරි දැනට තියන රැකියා සඳහා ගැලපෙන පාඨමාලා සකසා යල් පැන ගිය පාඨමාලා විශ්වවිද්‍යාල වලින් ඉවත් කරන්න වැඩපිලිවෙලක් ඔය විශ්වවිද්‍යාල කොමිසමේ නැද්ද. මොකද මං අවුරුදු 15කට කලින් විශ්වවිද්‍යාලයේ එකම විෂය යටතේ එකම ගුරුවරයාගෙන් ඉගෙන් ගත් දේ අද මගේ අක්කාගේ ළමයාත් එම විශ්වවිද්‍යාලයේම එම ගුරුවරයාගෙන්ම ඉගෙන ගන්නවා. මට උගන්වනවිට කථිකාචාර්ය පමණක් වූ එම ගුරුවරයා අද ආචාර්යය. නමුත් ඔහුගේ සටහන තවම කථාකාචාර්ය තත්වයේ. මේ අයගේ උසස්වීම් වගේ දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද උසස් නොවන්නේ මන්දැයි මට නම් මහා ප්‍රෙහ්ලිකාවක්. මට හරිම දුකක් හා කලකිරීමක් ඇති උනා ඒ සටහන් දැක්කාම. ළමයා කලකිරවන්න බැරි නිසා කට වහගෙන හිටියා මිසක් මේ රටේ පද්ධතිය ගැන කථා රකල වැඩක් නෑ.
උසස් පෙළ සමත් සියලු දෙනාටම විශ්ව විද්‍යාල අධ්‍යාපන පහසුකම් සැලැස්වීම් කළ යුතුය. එය පුද්ගලිකද? රාජ්‍යද? කියලා අදාල නැහැ අපිට දැන් ඉතුරු වෙලා තියෙන එකම විසඳුම මේ මානව සම්පත් වැඩිදියුණු කරගැනීම පමණයි. කෙසේවෙතත් පුද්ගලික ආයතන නියාමනයකට යටත් කිරීම රජයේ වගකීමක් කළ පාඨමාලා වෙනුවට නව ලෝකයට ගැලපෙන පාඨමාලා හඳුන්වා දීම කළයුතුයි.